පොළොන්නරුව මින්නේරිය යුද හමුදා කදවුර ආසන්නේය රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය බිද මුදල් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම සොරකම සදහා යොදා ගත් උපකරණද සමගයි. සැකකරු සහ දේපළ අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන මුවාවෙන් එම යන්ත්‍රය බිද රුපියල් ලක්ෂ හැත්තෑ හයක් මොහු සොරකම් කර තිබුණා. එම මුදල්වලින් රුපියල් ලක්ෂ විසිනවලක්ෂ අසූදහක් සොයාගෙන තිබෙනවා.
සෙසු මුදල් ඔහු ගෙන තිබු ණය පියවීම සදහා වැය කර ඇති බවයි හෙළි වුණේ. අනුරාධපුර පොලිස් අපරාධ විමර්ශන අංශයයි වැටලීම සිදු කළේ. මෙම සැකකරු මීට පෙර අනුරාධපුර ප්‍රදේශයේ වෙනත් ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති අතර ඒ පිළිබද කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ.
The post රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක් බිඳ මුදල් සොරාගත් සැකකරුවෙක් ඔහු ගෙන තිබූ ණය පියවා ගනී appeared first on ITN News.
Post a Comment