Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් ඇමරිකාවේ ප්‍රාන්ත 11 කින් වාර්තා වෙයි  

Add comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් මේ වනවිට ඇමරිකාවේ ප්‍රාන්ත 11 කින් වාර්තා වනවා.

ඇමරිකාවේ නිව්ජර්සි, මේරිලැන්ඩ්, මිසුරි, නෙබ්‍රාස්කා, පෙන්සිල්වේනියා, යූටාහ්, කැලිෆෝනියා, කොලරාඩෝ, හවායි ,මිනසෝටා හා නිව්යෝර්ක් යන ප්‍රාන්තවලින් නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුවී තිබෙනවා. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බහුලව වාර්තා වුවද ඉදිරි කාලය තුළදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඇමරිකාව පුරා පැතිර යනු ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

පසුගියදා දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා රටවල් 40 ක පමණ ව්‍යාප්ත වී තිබෙනවා. නව ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට ලොව සෑම රටක්ම දැඩි උත්සාහයක නිරත වුවද එය පහසුවෙන් ලොව පුරා ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

මේ වනවිට ඇමරිකාවෙන් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි පහකට ආසන්න අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව අට ලක්ෂ අටදහස් හයසිය අටක්.

 

The post ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් ඇමරිකාවේ ප්‍රාන්ත 11 කින් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG