එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම හා නිරෝධායන නීති දැඩි කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් ඔස්ට්‍රියාවේ වියානා අගනුවර උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.
ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට එක්ව සිටින දහස් ගණනක් ජනතාව එන්නත් කාඩ්පත අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කරන ලෙසයි ඔවුන් රජයට බල කර සිටින්නේ. එන්නත් කාඩ්පත නොමැති පුද්ගලයින්ට යුරෝ 3600 ක දඩයක් පැනවීමට ද ඔස්ට්‍රියා රජය තීරණය කර තිබෙනවා. කෙසේ වුවද ගර්භනී මාතාවන් හා එන්නත ලබා ගැනීමට නොහැකි රෝගාබාධ සහිත පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ නැහැ. එරට ජන ගහනයෙන් සියයට හැට අටක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබුණද බටහිර යුරෝපයේ එන්නත්කරණය අවම රටක් ලෙසයි ඔස්ට්‍රියාව සැලකෙන්නේ.
The post කොරෝනා නීති දැඩි කිරීමට එරෙහිව ඔස්ට්‍රියාවේ උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment