ඉන්ධන මිලට එරෙහි විරෝධතා හමුවේ කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වී තිබෙනවා.
කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්ධන මිලට එරෙහි ජනතා විරෝධය හේතුවෙන් කසකස්ථානයේ ඇල්මාර්ටි නුවරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා පැවති උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
Post a Comment