ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා වයිරස ආසාදිතයින් දාහතර ලක්ෂ විසිදහසක අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4571ක්.
ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිත සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 385,000 කට ආසන්නයි. එමෙන්ම වියට්නාමයෙන් 168,000 ක් ද ජර්මනියෙන් 145,000 ක් හා ප්‍රංශයෙන් 72,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 630 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටලක්ෂ හැටදෙදහස ඉක්මවා ගියා. හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් පන්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්කන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment