නේටෝ සංවිධානයට අයත් රටවල් තවදුරටත් යුක්රේනයට අවි ආයුධ ලබාදීම ඉහළ නැංවීම තුළින් රුසියාව සහ නේටෝ සංවිධානයට අයත් අටවල් අතර සෘජු ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවට රුසියාව අනතුරු අඟවනවා.
රුසියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රේබ්කෝ එරට මාධ්‍ය වෙත අදහසක් දක්වමින් සඳහන් කළේ යුක්රේනයට ඇමෙරිකාව ඇතුළු තවත් බටහිර රටවල් කීපයක් අවි ආයුධ සැපයීම තුළින් මෙම ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවයි. කෙසේ වෙතත් අද දිනයේ ද කියෙව් , ලිවිව් සහ තවත් යුක්රේනයේ ප්‍රදේශ කීපයකටම අඛණ්ඩව ප්‍රහාර එල්ලකිරීම සිදුව තිබෙනවා. මේ වනවිට රුසියානු හමුදා කියෙව් අගනුවර මධ්‍ය යේ සිට කිලෝමීටර් 25 ක් පමණ ආසන්නයේ රැඳී සිටිනවා. එමෙන්ම රුසියානු හමුදා වටලා ඇති මරියුපෝල් නුවර වැසියන් විදුලිය ,ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින අතර අධික ශීතලක් ද පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර රුසියාව යුක්රේන ආක්‍රමණයට විරෝධය පළකරමින් රුසියානුවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. රුසියානු ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එය දැවැන්ත බුද්ධිගලනයක් ලෙසයි. මෙලෙස රුසියාව හැරයන වැඩි පිරිසක් තරුණ තරුණයින් වන අතර විසිපන්දහසකට අධික පිරිසක් ජෝර්ජියාවට ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
The post යුක්රේනයට අවි දුන්නොත් වැඩ වරදියි – පුටින්ගෙන් නේටෝවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment