විදේශ ආයෝජන ව්‍යවසායන්ට වැඩි අවස්ථා ගෙනදීමට චීනය අපේක්ෂා කරයි.
චීනයේ මහජන සම්බන්ධතා සංගමය සහ විදේශ ආයෝජන ව්‍යවසායකයන්ගේ සංගමය එක්ව ඊයේ(15) බෙයිජිංහි පැවැත්වූ දැනුවත් කිරීමේ හමුවකදී මේ බව හෙළි විය.
”අභ්‍යන්තර ආර්ථික සංසරණය ප්‍රධාන ලෙස ගනිමින්, දේශීය හා ජාත්‍යන්තර ද්විත්ව ආර්ථික සංසරණ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රවර්ධනය කිරීම” යන නව සංවර්ධන රටාවක් ගොඩනැගීම චීනය වේගවත් කරන බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව
සහ චීන වාණිජ අමාත්‍යංශයේ විදේශීය ආයෝජන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු එහිදී පෙන්වා දුන්හ.
ක්‍රමයෙන් සංකීර්ණ වන බාහිර පරිසරයට එරෙහිව,”ස්ථාවර වර්ධනය” හා අධි ගුණාත්මක සංවර්ධනය කෙරෙහි චීනය අවධානය යොමු කරයි. විදේශ ආයෝජන ව්‍යවසායන් චීනයේ ආයෝජනයන් ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇත.චීනයේ සංවර්ධන විශ්වාසය තහවුරු වී බව හමුවට සහභාගි වූ දෙස් විදෙස් ව්‍යවසායන්හී නියෝජිතයෝ පැවසූහ.
The post විදේශ ආයෝජකයන්ට චීනයේ වැඩි අවස්ථා appeared first on ITN News.
Post a Comment