ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බැංගලෝර්හිදී හෙට ආරම්භ වනවා. ඒ දිවා – රාත්‍රී තරගයක් ලෙසින්.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රිඩා නොකරන බවයි වාර්තා වන්නේ. ආබාධයකට ලක් වීමෙන් ඔහුව ලෝක කුසලානය ආරම්භ වන තෙක්ම ටෙස්ට් තරග සදහා යොදා නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා ලෙස හැදින්වෙන පැතුම් නිශ්ශංක ද ආබාධවලට ලක්වීමෙන් හෙට දිනයේදී ක්‍රීඩා නොකරන බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ. මේ අතර කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයකු හෙට දිනයේදී කණ්ඩායමට කැදවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තා වනවා.
තවමත් තරගයට එක්වන අවසන් 11 දෙනා නම් කර නොමැති අතර අද දිනයේ තණතීරුව පරික්ෂා කිරීමෙන් අනතුරුව අවසන් කණ්ඩායම නම් කිරීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට appeared first on ITN News.
Post a Comment