Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ උපදෙස් අනුව පුරන් කුඹුරු අස්වද්දමින් උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක්  

Add comments

පුරන් කුඹුරු යළි අස්වද්දමින් පාරිසරික උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුවයි.

නව වැඩපිළිවෙළ යටතේ ගාල්ල හෝලුවාගොඩ පුරන් කුඹුරු යාය අස්වැද්දීමේ කටයුතු සිදුකෙරෙනවා. වසර 50 ක් තිස්සේ අත්හැර දමා තිබූ මෙම කුඹුරු යාය අස්වැද්දීමේ වැඩසටහන යටතේ හෝලුවාගොඩ දියදම් කෘෂි උද්‍යානය ද ඉදිකෙරෙනවා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙනුයි. මෙම උද්‍යානයට ද සංවර්ධන ව්‍යාපෘති 5 ක් අයත් වනවා. කෘෂි පාරිසරික උද්‍යානයක් නිර්මාණය කිරීම, ගංවතුර පාලනය, පුරන් කුඹුරු යළි අස්වැද්දීම, ඇවිදින මංතීරු ඉදිකිරීම සහ විනෝදාත්මක පහසුකම් සදහා යටිතල පහසුකම් සංවර්ධනය ඒ අතර වනවා. ජල තටාකය, ඇවිදින මංතීරු, හෙළ බොජුන්හල, ළමා උද්‍යානය සහ කඩකාමරවල ඉදිකිරීම් මේ වනවිට සියයට 50 කින්ම අවසන්. ඊට වැයකර ඇති මුදල රුපියල් මිලියන 342 ක්.

 

 

The post අගමැතිගේ උපදෙස් අනුව පුරන් කුඹුරු අස්වද්දමින් උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG