පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය ඊයේ දිවුරුම් දුන්නා. නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් 34 දෙනෙකු ඇතුළත් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
පාකිස්තාන ආර්ථිකය කඩාවැටීමට වගකිව යුතු පවසමින් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආ අතර ඔහු ඉන් පරාජයට පත්වුණා. ඉන් අනතුරුව පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් තෝරා පත්කර ගැනීමටයි පාර්ලිමේන්තුව කටයුතු කළේ. පසුගිය 11 වනදා ඔහු සිය ධුරයේ දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩලය ඊයේ පත්කෙරුණා. කෙසේ වුවද නව කැබිනට් අමාත්‍යවරුන්ට හිමි විෂයපතයන් පිළිබද මේ වනතෙක් මාධ්‍යයට නිවේදනය කර නැහැ. ලබන වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එතෙක් නව රජය බලයේ රැදී සිටිනු ඇති. දැඩි අර්බුදයකට මුහුණ දී ඇති පාකිස්තාන ආර්ථිකය ගොඩගැනීම ඇතුළු අර්බුද රැසකට මුහුණදීමට පාකිස්තාන නව රජයට සිදුව තිබෙනවා.
The post පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment