Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ට ජයක්  

Add comments

ඊයේ පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමත් වුණා.

ඒ අනුව ඉදිරි වසර 5 සඳහා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස එමානුවෙන් මැක්‍රෝන්ට බලය හිමිවනවා. ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු හිමිකරගත් ඡන්ද ප්‍රතිශතය 58.55% ක්. ඔහුට විරුද්ධව තරගවැදී අන්ත දක්ෂිණාන්ෂික අපේක්ෂිකා මාරීන් ලේ පෙන් හට හිමිකර ගැනීමට හැකිවූයේ 41.45% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. කෙසේ වුවද ප්‍රංශ ජනාධිපතිවරණ ඉතිහාසයේ අන්ත දක්ෂිණාන්ෂික අපේක්ෂකයෙකු හිමිකරගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද මෙයයි. කෙසේ වුවද ඇය අඛණ්ඩව පරාජයට පත්වූ 8 වන අවස්ථාව ද මෙය වනවා. මැතිවරණයෙන් එමානුවෙල් මැක්‍රෝන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තද දේශපාලනික මත අනුව ප්‍රංශය දෙකඩ වී ඇති බවයි විශේලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ට ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG