Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට සේවාවෙන් ඉවතට  

Add comments

ගෙවීම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බවුසර් රථ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් කර ගන්නා බව ලංකා ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් රථ ඉවත් කර ගන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම පවතින බවයි. පෞද්ගලික අංශයට අයත් කුලී පදනම මත ලබා ගන්නා බවුසර් සඳහා පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා පහකදී මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එය අවසානයේ දී සිදුකරන ලද සංශෝධනයට අමතරව සියයට අසූහතරක වර්ධනයක්. තවදුරටත් සංශෝධන සිදුකිරීමට අමාත්‍යංශය එකගත්වය පළ කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කිරීමටයි ඔවුන් ක්‍රියාකර ඇත්තේ. රාජ්‍ය ආයතනය මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක්නොවන ලෙස මිල සංශෝධනයක් සිදුකිරීමට අදහස් කරන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටින්නේ.

 

 

The post ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට සේවාවෙන් ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG