යුක්රේනයේ ඇමෙරිකා තානාපති කාර්යාලය මාස තුනකට පසු ඊයේ දිනයේදී නැවත විවෘත කර තිබෙනවා.
රුසියාව, යුක්රේනය ආක්රමණය කිරීමට පෙරයි කිව් හි පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැමුණේ. ඊයේ එරට වේලාවෙන් රාත්රි අටට ඇමෙරිකා ධජය නැවත එසවීමෙන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සංකේතවත් කළා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසන්නේ මෙය යුක්රේන ජනතාව වෙනුවෙන් ඇමෙරිකා ජනතාව තැබූ වැදගත් පියවරක් බවයි.
The post යුක්රේනයේ ඇමෙරිකා තානාපති කාර්යාලය නැවත විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment