Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළට  

Add comments

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වාත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.

මේ අතර ලාෆ් සමාගම ගෑස් සිලින්ඩර් වෙළෙදපොලට නිකුත් කිරීම මාස ගණනාවකට පසු අද යළි ආරම්භ කළා.ලාෆ් ගෑතස් වෙළෙඳපොළට නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනතාව ගෑස් ලබාගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දුන්නේ ලබන අගහරුවාදා තෙක් ගෑස් බෙදාහැරීම සිදු නොකරන බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි. ඊයේ මෙරටට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවේ ගෑස් තොග ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් තොග නොලැබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දැකගත හැකියි. ඩීසල් තොග සීමිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් සදහා පමණක් ඩීසල් බෙදා හැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මෙසේ ඩීසල් බෙදා හැරීම සීමා කිරීම හේතුවෙන් හෙට දිනයේ සිට බස් රථ ධාවනය සීමා කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට දිනයේ සිට ලංකාව පුරා ධාවනය කළ හැක්කේ බස් රථ 6000ක ප්‍රමාණයක් බවයි එම සංගමය ප්‍රකාශ කළේ. එසේ සිදු වුවත් හෙට දිනයේ දී ආරම්භ කරන නව පාසල් වාරයේ දී ළමුන්ගේ පහසුව උදෙසා  පාසල් වෙත යෑමට බස්රථ යෙදවීමට කටයුතු කරන බවද එම සංගමය කියා සිටියා.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද උදෑසන රබර් හා ඇගලුම් කර්මාන්තකරුවන් සමග සාකච්චාවක නිරත වුණා.  එහිදී විදුලිබල උත්පාදනය , ඉන්ධන බෙදාහැරීම සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම් පිලිබදව සාකච්චා කළ අතර ඔවුන්ගේ කර්මාන්ත පවත්වාගෙන යාමට අවශ්‍ය අනෙකුත් පහසුකම් පිළිබදව සොයා බැලුවා.

 

The post ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG