ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබා දෙන බව ආසියා සංවර්ධන බැංකුව පවසනවා. එම බැංකුවේ දකුණු ආසියා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා මහතායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළේ.
ආසියා සංවර්ධන බැංකුවේ දකුණු ආසියා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි. දෙපාර්ශ්වය අතර සහයෝගීතාවට එළඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබද මෙහි දී අවධානය යොමු වුණා. ආසියා සංවර්ධන බැංකුවේ නේවාසික ධූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් appeared first on ITN News.
Post a Comment