Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ මානව හිමිකම් උල්ලංගණය වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය  

Add comments

ස්විට්සර්ලන්තයේ ජීනිවා නගරයේ ඊයේ ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේ මියන්මාරයේ මානව හිමිකම් උල්ලංගණය වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වුණා.

මානව හිමිකම් කවුන්සිලයෙන් මියන්මාරයේ මානව හිමිකම් විමර්ශනය සදහා ස්වාධීන යාන්ත්‍රණයක් පත් කර තිබෙනවා. එහි ප්‍රධානියා සදහන් කරන්නේ පසුගිය වසර තුළ දී මියන්මාරයේ සිදු වූ අපරාධයන්හි විෂය පථය හා පරිමානය පුළුල් වී ඇති බවයි. එමෙන්ම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී එරට පාලන බලය හමුදාව නතු කර ගැනීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් කඩවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසනවා. හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව ආරම්භ කල විරෝධතා අතරතුර දී සාමාන්‍ය වැසියන් 2250 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව 15,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව මියන්මාර විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා කවුන්සිලයට දන්වා සිටියා. එරට මානව හිමිකම් යළි ස්ථාපිත කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි ඔහු සදහන් කළේ. 2018 වසරේ දී එරට රෝහින්යා ප්‍රාන්තයේ මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහා ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් ජගත් සංවිධානය පත් කල අතර ඊට අදාළ නඩු විභාගයක් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විභාග වනවා.

 

The post මියන්මාරයේ මානව හිමිකම් උල්ලංගණය වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG