Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින් චීන ජනපති හමුවීමට සැරසෙයි  

Add comments

රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් අද දිනයේ දී සිදු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියා සහ චීන ජනාධිපතිවරුන් අතර මෙම හමුව උස්බෙකිස්ථානයේ දී සිදු වන බවයි වාර්තා වන්නේ. ඔවුන් එහි දී විශේෂ ආරක්ෂක සමුළුවකට ද සහභාගී වනු ඇත. රුසියා ජනාධිපතිවරයා ඉරාන, කිර්ගීස්ථාන, පාකිස්ථාන සහ උස්බෙකිස්ථාන රාජ්‍ය නායකයන් හමුවීමට ද නියමිතයි.

චීන සහ රුසියා නායකයන් යුක්රේනය සහ තායිවානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. චීන ජනාධිපතිවරයා චීනයෙන් පිටත සංචාරයක නිරත වන්නේ වසර දෙකකට පසුවයි.

 

 

The post පුටින් චීන ජනපති හමුවීමට සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG