Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයට ලොව නන්දෙසින් උණුසුම් සුබ පැතුම්  

Add comments

ශ්‍රී ලංකා ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට සුබ පැතුම් පිරිනමයි. එක්සත් ජාතික පක්ෂය සහ චීන කොමියුනිස්ට්
පක්ෂය අතර ඇත්තේ දිගු කාලීන මිත්‍රත්වයකි. පක්ෂ දෙක අතර දීර්ඝ කාලීන හා අවංක මිතුදම දෙරට සබඳතා තවදුරටත් ඉහළ නංවමින් දෙරට ජනතාව‍‍ගේ සුභ සෙත වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු
කර තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර ලෝකයේ විවිධ දේශපාලන පක්ෂවල දේශපාලනඥයෝ සහ මිත්‍ර පුද්ගලයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ
මධ්‍යම කාරක සභාව හා මහ ලේකම් ෂී ජින් පිං මහතා වෙත සුබ පැතුම් පණිවිඩ පිරිනමති. නව යුගයේ බලවත් හා නොසැලෙන බලවේගයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය ජනතා සිහින සැබෑ
කිරීමේ පෙර ගමන්කරු බවට පත්ව ඇතැයි රුසියාවේ එක්සත් රුසියානු පක්ෂයේ සභාපති සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති Dmitry Anatolyevich Medvedev මහතා පැවසීය.

මීට අමතරව, කසක්ස්ථාන ”Amanat” පක්ෂයේ සභාපති, රුමේනියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති, ඉරාක දේශප්‍රේමී සංගමයේ සභාපති, ඉතියෝපියානු සමෘද්ධි පක්ෂයේ උප සභාපති, ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සම සභාපති සහ පාකිස්තානයේ සෙනෙට් සභාවේ සභාපති ඇතුළු පිරිස්ද සුබපැතුම් යොමු කර තිබේ.

The post චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයට ලොව නන්දෙසින් උණුසුම් සුබ පැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG