Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් යුක්රේනය තැති ගනී  

Add comments

ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ලකිරීම හරහා යුක්රේනය බිද දැමීමට රුසියාව උත්සාහයක නිරත වන බවට ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

රුසියා පාලනයේ පවතින යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී යුක්රේන ආරක්ෂක අංශ ප්‍රහාර මාලාවක් එල්ලකළා. ඉන් රුසියා සෙබලුන් 400 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි යුක්රේනය පවසන්නේ. කෙසේ වුවද හමුදා සෙබලුන් 63 දෙනෙකු පමණක් මියගිය බව නිල නිවේදනයක් නිකුත් කරමින් රුසියාව සදහන් කරනවා. එම ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදාගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් වන බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ. මේ වනවිටත් රුසියාවට අයත් ඩ්‍රෝන යානා 80 ක් පමණ බිම හෙළීමට යුක්රේන ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. පසුගිය මාස කිහිපය පුරා යුක්රේනයේ බලාගාර ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ අතර ඒ සමගම යුක්රේනයේ  බලශක්ති අර්බුදයට ඇදවැටුණා.

 

 

 

 

 

 

The post රුසියා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් යුක්රේනය තැති ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG