Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දිවයිනේ සංචාරයක  

0 comments

පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාම් මොහොමඩ් කුරේෂි මහතා දිවයිනේ සංචාරයක නිරත වනවා.

දින දෙකක් ඔහු මෙරට රැඳසිටින බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා හෙට (02) පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දිවයිනේ සංචාරයක appeared first on ITN News.

Read More »

නීතිවිරෝධීව නිෂ්පාදනය කළ පොලිතීන් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෝකන්දර ප‍්‍රදේශයේදී. එහි පොලිතීන් කිලෝග‍්‍රෑම් එකොළොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් තිබූ බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පුද්ගලයන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කිරීමට අධිකාරිය පියවර ගත්තා.

The post නීතිවිරෝධීව නිෂ්පාදනය කළ පොලිතීන් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හොංකොං විරෝධතා හේතුවෙන් මාර්ග රැසක ධාවන කටයුතු වලට බලපෑම්  

0 comments

හොංකොං විරෝධතා හේතුවෙන් මාර්ග රැසක ධාවන කටයුතු වලට බලපෑම් එල්ල වුණා.

විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා. ඔවුන් හොංකොං බලධාරින් විරෝධය පළකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෛනික කටයුතු වලට ද ගැටලු එල්ලවී තිබෙනවා.

පසුගිය සතියේදී පමණක් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

The post හොංකොං විරෝධතා හේතුවෙන් මාර්ග රැසක ධාවන කටයුතු වලට බලපෑම් appeared first on ITN News.

Read More »

ඉරාක අගමැතිගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට  

0 comments

ඉරාක අග‍්‍රාමාත්‍ය ආදෙල් අබ්දුල් මාදි ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය සිකුරාදා නිවේදනය කළා. බැග්ඩෑඩ් අගනුවර අඛණ්ඩව පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එය යහපත් පියවරක් බව විරෝධතාකරුවන් ද ප‍්‍රකාශ කළා.

The post ඉරාක අගමැතිගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Read More »

ඉන්දියාව පුරා උද්ඝෝෂණ  

0 comments

ඉන්දීය පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

26 හැවිරිදි පශු වෛද්‍යවරිය සිය කාර්යාලයේ සිට නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දුන්නේ පසුගිය බදාදා දිනයේයි. මෙම සිද්ධිය පිළිබද අවධානය යොමු නොකිරීම හේතුවෙන් තෙලංගානා පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු වැඩ තහනමට ලක්වුණා. මේ වන විට සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රදවා සිටින පොලිසිය ඉදිරිපිටට පැමිණි ජනතාව උද්ඝෝෂණවල නිරතවන බව සදහන්. වෛද්‍යවරිය සිරුර පුළුස්සා දමා ඇති බවට ද මෙම අපරාධකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම වෛද්‍යවරියගේ සිරුර හමුවූ ස්ථානයට යාබද ප්‍රදේශයක තිබූ තවත් කාන්තා සිරුරක් හමුවී ඇති අතර මෙම සිද්ධීන් අතර සබදතාවක් තිබේද යන්න පිළිබද පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post ඉන්දියාව පුරා උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

පැරදුණු දේශපාලන කණ්ඩායම් රඟ දක්වන නාටකයක් ගැන විමල් කියයි  

0 comments

නව රජය අපහසුතාවට පත් කිරීමට පැරදුණු දේශපාලන කණ්ඩායම් නාටකයක් රග දක්වමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ

 

 

The post පැරදුණු දේශපාලන කණ්ඩායම් රඟ දක්වන නාටකයක් ගැන විමල් කියයි appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ දකුණු ඩකෝටා ප‍්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

කුඩා දරුවන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශිත කුණාටු සුලං පිලිබදව ඇමරිකා කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිම්ද නිකුත් කර ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ.

තනි එන්ජිමක් සහිත ගුවන් යානය චැන්බලේන් ගුවන් තොටුපොලෙන් ගුවන්ගතකර කිලෝමීටර දෙකක් ගමන් කිරිමෙන් පසු අනතුරට පත්වුණා. එම අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු යානයේ ගමන් කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

The post ඇමරිකාවේ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG