Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර  

0 comments

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකසන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රත්නපුර දිස්ත්‍රික් මැණික් හා හරිත සංගමයේ තුන්වන සංවත්සර උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මැණික් සංස්ථාවේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

 

 

The post දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර appeared first on ITN News.

Read More »

රාජ්‍ය සේවය ජනතා සේවයක්  

0 comments

රාජ්‍ය සේවය ජනතා සේවයක් මිස රැකියා උත්පාදනය කරන තැනක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වසරේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීමේදී කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ ආයතන ඇගයීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රාජ්‍ය , පළාත් සභා මෙන්ම පළාත් පාලන යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන 844 ක් මෙහිදී ඇගයීමට ලක්වුණා. මේ අතුරින් ආයතන 55 කට රන් සම්මාන හිමිවුණා. රිදී සම්මාන 23 ක් හා සම්මාන සහතික 31 ක් පිරිනමා තිබෙනවා.

 

The post රාජ්‍ය සේවය ජනතා සේවයක් appeared first on ITN News.

Read More »

ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය  

0 comments

ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය යොමුව තිබෙනවා.

ඒ කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ. සති දෙකකින් නැවත පාසල් විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමයි සැලසුම.

වෛරසය ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගිය හොත් පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා කි‍්‍රයාත්මක වන බව බලධාරින් ප‍්‍රකාශ කළා. දෙමාපියන් මෙම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය ප‍්‍රකාශ කර තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළයුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. ඉතාලිය ද පාසල් රැසක් වසාදැමීමට බලධාරීන් කටයුතු කළා.

 

The post ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය appeared first on ITN News.

Read More »

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

හෙල සුවය වැඩසටහන යටතේ අක්කර දස දහසක වපසරියක් අස්වැද්දවීමයි සැලසුම. ඒ ගොවීන් දෙදහසකගේ සහභාගීත්වයෙන්. නියමු ව්‍යාපෘතිය අනුරාධපුර රාජාංගනය කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක කරනවා.

පාරම්පරික වී ප‍්‍රභේද රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමයි සැලසුම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊට දායකත්වය ලබාදෙනවා.

 

The post වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුමට අද අත්සන් තැබේ  

0 comments

වසර 18කට වැඩි කාලයක් පැවති යුද්ධය නිමා කරමින් තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානයේ තාලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර මෙම ගිවිසුම දෝහා කටාර් රාජ්‍යයේ දී අත්සන් කෙරෙණු ඇති. ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහභාගි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සාම ගිවිසුමෙන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන්දහසෙන් නිලධාරීන් 8,500ක් ඉවත් කරගැනීමට නියමිතයි.

 

 

 

 

The post තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුමට අද අත්සන් තැබේ appeared first on ITN News.

Read More »

දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතුයි  

0 comments

දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2013 හා 2014 වසරවල සිට අනියම් සේවකයින් ලෙස රාජකාරි කළ සේවකයින් 1200 දෙනෙකුට මෙහිදී ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්ම රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක,  දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

The post දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතුයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාකිස්තානයේ කරච්චි නුවරට කිලෝමීටර් 500 ක් දුරින් මෙම අනතුර සිදුව තිබෙනවා. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව ඉහළ යාහැකි බවද පාකිස්තාන රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

 

 

 

 

The post පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG