Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ සරසවි සිසුන් 21දෙනෙකු අත්අඩංගුවට  

0 comments

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුන් සත්‍යග්‍රහය ආරම්භ කර තිබූ ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබුණා. එම නියෝගය කඩ කිරීම හා මංමාවත් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා මත මෙම සිසුන් 21 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පසුසිය 27 වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එය ආරම්භ කර තිබුණා.

 

The post උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ සරසවි සිසුන් 21දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

උතුරු දිග ජපානයේ නෞකාවක් හා කුඩා ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 13දෙනෙකු අතුරුදන්  

0 comments

උතුරු දිග ජපානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා කුඩා ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි චීන ජාතිකයෙකු හා වියට්නාම ජාතිකයන් 13 දෙනෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ. ඔවුන් මුහුදට වැටී ඇති අතර එක් අයෙකු බේරා ගැනීමට ආසන්නයෙන් ගමන් ගත් නෞකාවක් ක්‍රියා කළා. ජපානයට අයත් ධීවර යාත්‍රාවේ සිටි 15 දෙනාට කිසිඳු හානියක් සිදුව නැහැ. ජපාන වෙරළාරක්‍ෂක කණ්ඩායම් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් සිදු කරනවා.

 

 

 

 

The post උතුරු දිග ජපානයේ නෞකාවක් හා කුඩා ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 13දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

Read More »

අම්පාර මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ඇරඹෙයි  

0 comments

අම්පාර මහ රෝහලට දිර්ඝ කාලයක් පුරා අඩුපාඩුවක්ව පැවති අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අම්පාර මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය අදියර 2 ක් යටතේ ඉදිකෙරෙනවා. අංග සම්පූර්ණ ප්‍රතිකාර ඒකකයක් ලෙස මෙය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 54 ක්. දිනෙන් දින ඉහළ යන හදිසි අනතුරු හේතුවෙන් අම්පාර රෝහලේ හදිසි ප්‍රතිකාර සදහා ඒකකයක් නොමැති වීමෙන් ගැටලු මතුව තිබුණා. වසර 2 ක් වැනි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීම සැලසුමයි.

 

 

 

 

 

The post අම්පාර මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

මරදන්කල්ල වලස්වැව ගම්මානයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසදුමක්  

0 comments

මිහින්තලේ මරදන්කල්ල වලස්වැව ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක් මුහුණපා සිටි පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස නව ජල ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒ ඩස්න් ගෘප් සංවිධානයේ දායකත්වයෙන්.

රුපියල් මිලියන දෙක හමාරක වියදමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ජලයේ බැර ලෝහ සාන්ද්‍රණය ඉහළ යාම නිසා ප්‍රදේශයේ ජනතාව පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවක පසු වුණා. නව ව්‍යාපෘතියෙන් ගම්වාසීන් 400 දෙනෙකුට වැඩි පිරිසකට සෙත සැළසෙනවා. ජනතාව වෙනුවෙන් ප්‍රජා ශාලාවක් ඉදිකර දීමටද ඩස්න් ගෘප් සංවිධානය කටයුතු කර තිබුණා.

 

 

 

The post මරදන්කල්ල වලස්වැව ගම්මානයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසදුමක් appeared first on ITN News.

Read More »

චෙන්නායි නගරයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්  

0 comments

ඉන්දියාවේ චෙන්නායි නගරයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

චෙන්නායි ගුවන්තොටුපොළට ඛනිජ ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය සපයන ශාලාවකයි ගින්න හටගෙන තිබෙන්නේ. දහසකට අධික පිරිසක් ගින්න නිවීම සඳහා එක්ව සිටිනවා. එම ශාලාවට දැවැන්ත හානියක් සිදුව ඇති බව සඳහන්. ඊයේ පස්වරුවේ ආරම්භ වූ ගින්න මේ වන විටත් නිවා දමා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නට හේතුව පිළිබඳ මෙතෙක් හෙළිව නැහැ.

 

 

The post චෙන්නායි නගරයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් appeared first on ITN News.

Read More »

2020 ITN ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනයේදී අද දවස පුරා  

0 comments

2020 අයිටීඑන් ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනයේදී අද දවස පුරා පැවැත්වෙනවා.

ස්වාධීන රූපවාහිනි සේවක සුබ සාධක සංගමයයි එය සංවිධාන කළේ. තරගාවලියේ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.

බුද්ධදාස ක‍්‍රීඩාංගනය පුරා ITN ක‍්‍රිකට් වසන්තයේ උණුසුම පැතිරෙයි …

බුද්ධදාස ක‍්‍රීඩාංගනය පුරා ITN ක‍්‍රිකට් වසන්තයේ උණුසුම පැතිරෙයි …

Posted by ITNnews on Sunday, March 1, 2020

 

The post 2020 ITN ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනයේදී අද දවස පුරා appeared first on ITN News.

Read More »

GSP ඇතුළු සහන මෙරටට අහිමිවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

0 comments

30,1 යෝජනාවලින් ඉවත්වීමත් සමග ජීඑස්පී ඇතුළු සහන මෙරටට අහිමිවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා.

කෝට්ටේ ශ්‍රී නාග  විහාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළකලා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී  අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

The post GSP ඇතුළු සහන මෙරටට අහිමිවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG