Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිගේ සමීපතමයෙකුට කොරෝනා ආසාදනය වෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කරනවා.

ජනාධිපතිවරයාගේ උපදේශකවරියකටයි මෙලෙස කොරෝනා වෛරසය වැළදී ඇත්තේ. පසුගිය අගහරුවාදා ජෝ බයිඩන් හා පැවති සජීවී විවාදය සදහා ද ඇය සහභාගිවී තිබෙනවා. එම සංචාරය අතරතුරදී ඇය ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කළ බවද ධවල මන්දිරය සදහන් කළා.

කෙසේ වුවද ජනාධිපතිවරයාට හෝ ආර්යාවට මෙතෙක් වෛරසය ආසාදනය වූ බවත් තහවුරු වී නැහැ. ඒ වනවිට එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හත්තෑපහකට ආසන්නවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ දොළොස්දහස ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.

 

 

 

 

 

The post ඇමෙරිකා ජනාධිපතිගේ සමීපතමයෙකුට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

Read More »

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභාව නීතියට පිටින් ගිය බවට චෝදනා  

0 comments

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නීති උල්ලංඝනය කරමින් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභාව පසුගිය වකවානුවේ කටයුතු කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨ ශිෂ්‍ය සංගමය පවසනවා. ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරුණා.

The post සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභාව නීතියට පිටින් ගිය බවට චෝදනා appeared first on ITN News.

Read More »

රූපවාහිනී මහගෙදරින් තන්තිරිමලේ තස්මිලාට ගෙයක්  

0 comments

ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ ඉදිකළ තවත් නිවහනක අයිතිය පවරාදීම අද සිදුකෙරුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්.

තන්තිරිමලේ තම්බියාව ධර්මපාල විදුහලේ ඉගෙනුම ලබන ප්‍රභානි තස්මිලා සිසුවිය වෙනුවෙන් හා ඇගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවහන ඔවුන් වෙත භාර දීම මෙහිදී සිදුකෙරුණා. අදට යෙදෙන ලෝක ළමාදින වැඩසටහනට සමගාමීවයි එය සිදුකෙරුණේ. කොරෝනා වසංගත සමයේ ස්වාධීන රූපවාහිනිය ක්‍රියාවට නැංවූ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන රජරට පුරවරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවුණා. එහිදී නිවසක් නොමැතිව දිවි ගෙවන මෙම දියණියගේ ඉල්ලීම පිළිබද අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ට මෙසේ හිසට වහලක් ලබාදීමට පියවර ගැනුණා.

ස්වාධීන රූපවාහිනිය සමග අත්වැල් බැදගනිමින් ලංකා බැංකුව, තන්තිරිමලේ අධ්‍යාපන කලාප කාර්යාලය, කොළඹ රාජකීය විදුහලේ පරිත්‍යාගශීලීන් මෙන්ම කුලසිරි විජේසූරිය මහතා ද මෙම සත්කාර්යයට එක්වුණා. රංගන ශිල්පී දිමුතු චින්තක මහතා මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කළා. මෙම වැඩසටහනට සමගාමීව තම්බියාව ධර්මපාල විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම් උත්සවයක් ද පැවැත්වුණා.

ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන්, මව්පියන්, සිසු දරුවන් හා ආදි සිසුන්ගේ අනුග්‍රහය යටතේයි. විලච්චිය හා තන්තිරිමලේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් දහසකට පාසල් පාවහන් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, රෝගී දරුවන්ට මුදල් පරිත්‍යාග ලබා දීම, උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම ඇතුලු වැඩසටහන් ද ක්‍රියාත්මක වුණා.

The post රූපවාහිනී මහගෙදරින් තන්තිරිමලේ තස්මිලාට ගෙයක් appeared first on ITN News.

Read More »

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිකරන්න අගමැතිගෙන් යෝජනාවක්  

0 comments

රටේ සෑම පළාතක ම ළමා රෝහළක් ඉදිවිය යුතු බව තමන් තරයේ විශ්වාස කරන්නේයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රිජ්වේ ආර්යා ළමා රෝහළේ පැවති උත්සවයකට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහළට වසර එකසිය විසි පහක් සපිරීම නිමිත්තෙන් මහල් නවයකින් යුත් දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඇට‌ මිදුළු බද්ද කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීම ද මීට සමගාමීව සිදුවුණා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හා ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.

හෙද නිලධාරිනි ජී.එච්.ජේ. හේවගේ මහත්මිය රචිත කළුවර අහසට සද පායලා කෘතිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අතර ලිටිල් හාර්ට් අරමුදලට සූජිකල් නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ සභාපති  කලණ හේවා මල්ලිකා මහතා රුපියල් ලක්ෂ හතක මුදලක් මෙහිදී පරිත්‍යාග කළා. මෙහිදී අදහස් දැක්වූ ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය

එක් පළාතකට එක් ළමා රෝහල බැගින් සංවර්ධනය කොට පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය  යොමු වී ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ. ශිරන්ති රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිකරන්න අගමැතිගෙන් යෝජනාවක් appeared first on ITN News.

Read More »

අවුරුදු 03ක් යනකල්ම පූජිත් නොදැන සිටි ආරක්ෂාවේ ජාතික ප්‍රතිපත්තිය  

0 comments

මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසුන බවට තමන් ඊයේ දිනය වන තෙක් දැන සිටියේ නැති බව වසර තුනකට වැඩි කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේදී මේ බව හෙළි කෙරුණා.

කොමිසම දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මාසිකව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පවතින බවද තමා මෙතෙක් දැන සිටියේ නැති බවයි. ඒ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පැමිණියේ හත්වන දිනටයි.

කොමිසමේ සභාපති විනිසුරු – “ ඔබට පොලිස්පති ලෙසට තොරතුරක් එනවා. ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් පිළිබඳව. එවැනි අවස්ථාවක සිදුකරන්නේ කුමක්ද?“

පූජිත් – ඒ බුද්ධි තොරතුර මොන තත්ත්වයක තිබුණත්, පිළිගත්තත් නැතත්, ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.

කොමිසමේ සභාපති විනිසුරු – ජනාධිපතිවරයාට බැහැනෙ තනියම ආරක්ෂාව සලසගන්න. ඔබ තොරතුර දුන්නට පස්සේ මොකද කරන්නේ? මේ තොරතුරු දිනයක් නෑ, වෙලාවක් නෑ, මොකද කරන්නේ.

පූජිත් – ස්වාමීණී, මම ඉහළම ප්‍රමුඛත්වයක් දීලා විස්තර හොයනවා. තොරතුරු දුන්න පාර්ශ්වය කැඳවලා සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.

කොමිසමේ සභාපති විනිසුරු – “ එතකොට ජාතික බුද්ධි සේවය දුන් තොරතුර අනුව බුද්ධි ප්‍රධානියා ඔබට ඉදිරිපත් කර තිබූ පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවනවා.“ කියන කාරණය දුටුවහම බැතිමතුන් බේරගන්න අදහසක් ආවේ නැද්ද.

පූජිත් – අදහසක් ආවා ස්වාමීණී,

කොමිසමේ සභාපති විනිසුරු – ඇයි එහෙමනම් මේකෙදි වෙනස් විදියට සැලකුවේ

පූජිත් – මේ ගැන මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. මේ ආපු බුද්ධි තොරතුර ප්‍රසිද්ධ කලානම්, පොලිස්පති ඇයි එහෙම කළේ කියන්න පුළුවන්කමක් තිබුණා. අනික ස්වාමීනී, රාජ්‍ය බුද්ධි සේවය දුන් ලිපිය අනුව මෙරට කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්ක වී තිබුණා. නමුත්…

කොමිසමේ සභාපති විනිසුරු – ඔබ හැමතිස්සේම නමුත් කියලා නවත්තනවා. ඉන්පස්සෙ ටික නොසලකා හරිනවද?

පූජිත් – නෑ ස්වාමීනී, නොසලකා හැරියේ නෑ..

කොමිසමේ සභාපති විනිසුරු – ඔබ ඒ වෙලාවේ නොසලකා හැරියද දන්නෑ, ඒකයි ඇහුවේ.

පූජිත් – අනේ නෑ ස්වාමීනී, නමුත් කියලා ඊට පස්සේ තියෙනවා සහරාන් අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවට සිය අනුගාමිකයින් අභිප්‍රේරණය කරමින් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පතුරුවා හැර ඇත කියලා.

කොමිසමේ සභාපති විනිසුරු – දැන් ඔබ කියන්නේ ඕක තහවුරු නොකළ තොරතුරක් කියලද?

පූජිත් – අදාළ බුද්ධි තොරතුරේ තියනවනම් තමයි ස්වාමීනී, පුද්ගලයින් ගැන විස්තර. ඒත් එතන තිබෙන නම් 6න් තුනක් පිළිබඳව තමයි රාජ්‍ය බුද්ධි සේවය තහවුරුකරගෙන තිබුණේ ස්වාමීණී,

කොමිසමේ සභාපති විනිසුරු – ඒක තමයි මමත් කියන්නේ. තොරතුර නිශ්චිත කරලනේ.

පූජිත් – ඒ උනාට ස්වාමීනී, ඒ බුද්ධි තොරතුරේ නිශ්චිත වෙලාවක් ගැන සඳහනක් නැහැනේ.

කොමිසමේ සභාපති විනිසුරු – වසර ගණනාවක අත්දැකීම් තිබෙන ඔබට මේ තොරතුර ලැබෙද්දී ඔබ පොලිස්පති.

පූජිත් – “පූජිත් විවෘත පරික්ෂණ කරන්න එපා. එස්.අයි.එස්. එක පරික්ෂණ කලාම ඇති. “ කියලා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීලා තිබුණා. එතකොට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පරික්ෂණවලට මොකද වුණේ.

කොමිසමේ සභාපති විනිසුරු – ඔබ දැන සිටියාද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය කියලා එකක් තිබුණු බව.

පූජිත් – දැන හිටියේ නෑ ස්වාමීණී,

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු – ඒ ආයතනය හරහා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජන මාසික වාර්තාවක් ලෙස දැනුම් දෙන බව ඔබ දැන සිටියේද?

පූජිත් – දැන සිටියේ නැහැ ස්වාමීණී,

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු – ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැකසුනා කියලා දන්නවද?

පූජිත් – සත්‍ය වශයෙන්ම දැන සිටියේ නැහැ ස්වාමීණී, මේ කොමිසමේ එවැනි සාක්ෂියක් ඊයේ පැවැත්වුණා. ඊයේ වෙනකල් මම ඒ ගැන දැන සිටියේ නැහැ.

 

 

The post අවුරුදු 03ක් යනකල්ම පූජිත් නොදැන සිටි ආරක්ෂාවේ ජාතික ප්‍රතිපත්තිය appeared first on ITN News.

Read More »

අධි බලැති විදුලි කුළුණකට නැග විරෝධය දැක්වූ පුද්ගලයෙකුට වුණු දේ..  

0 comments

කොළොන්නාව ප්‍රදේශයේ අධි බලැති විදුලි කුළුණකට නැග විරෝධතාවක නිරතවූ පුද්ගලයෙකු දැඩි පරිශ්‍රමයක් දරා ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අධිබලැති විදුලි කුළුණට නැග විරෝධතාවක නිරතවුණා. අසල්වැසියන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුලකින් පසු වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙම විරෝධතාව ආරම්භ කළේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කෙරුණු අතර වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද හට ගෙන තිබුණා.  පූජ්‍ය විටියල කවිධජ ස්වාමීන් වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා මෙම පුද්ගලයා එම කුළුණින් ඉවත් කර ගනු ලැබූ අතර පසුව ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

The post අධි බලැති විදුලි කුළුණකට නැග විරෝධය දැක්වූ පුද්ගලයෙකුට වුණු දේ.. appeared first on ITN News.

Read More »

ජනපති ලෝක ළමා දින සැමරුමට එක් වෙයි  

0 comments

සෑම පාසලකටම පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් ලබා දීමෙන් දරුවාගේ මානසික හා ශාරීරික නිරෝගීභාවය රැකගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. දිස්ත්‍රික් 5 ක පාසල් සදහා පුස්තකාල පරිත්‍යාග කරමින් ලෝක ළමා දින සැමරුමට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

ලෝක ළමා දිනය සමරන අද සිට කියවීමේ මාසය ද ආරම්භ වුණා. අනාගත පරපුර පොතපතට නැඹුරු කරවීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමගාමී ලෙස පාසල් 5 ක දරුවන් ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමා අද පෙරවරුවේ කැදවා තිබුණා. ඔවුන්ට සංකේතාත්මක ලෙස පුස්තකාල පරිත්‍යාග කිරීමටයි රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කළේ. පුත්තලම ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ දොළොස්බාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජයකුමාරතුංග විද්‍යාලය හා ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය යන විද්‍යාල සදහා සංකේතාත්මක ලෙස පුස්තකාල පරිත්‍යාග කිරීම සිදුවුණා.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි මෙම පුස්තකාල සකස් කර තිබෙනවා. අංග සම්පූර්ණ එක් පුස්තකාලයක් සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වනවා. මොබිටෙල් ආයතනය ඊ පුස්තකාල පහසුකම් සපයා ඇති අතර දරුවන්ට ඊ ග්‍රන්ථ ලබා ගැනීමේ හැකියාව ද මෙමගින් සපයා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මේ සදහා අනුග්‍රහය දක්වා තිබෙනවා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ප්‍රකාශකයන් පරිත්‍යාග කළ ග්‍රන්ථ සමූහයක් ද පුස්තකාල වෙත භාර දෙනු ලැබුවා. දරුවන් සමග පොත පත පිළිබද තොරතුරු සාකච්ඡා කරමින් කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළා.

 

 

 

The post ජනපති ලෝක ළමා දින සැමරුමට එක් වෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG