Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශගත ශ්‍රමිකයින්ගේ පහසුව සදහා හෝප් පිවිසුම විවෘත කෙරේ  

0 comments

විදේශගත ශ්‍රමිකයින්ගේ පහසුව සදහා හෝප් පිවිසුම කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විවෘත කෙරුණා.

විදේශගත ශ්‍රමිකයින් මෙරට ආර්ථිකයට දක්වන අනුපමේය දායකත්වය අගය කරමින් මෙසේ විශේෂ දොරටුවක් විවෘත කෙරුණේ නිමල් සිරිපාල ද සිල්වා, මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ 15 ක් පමණ වන විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් බිලියන 7 ක් පමණ දේශීය ආර්ථිකයට එක්කරනවා.

එම පිරිස අරමුණු කර ගනිමින් නව දොරටුව විවෘත කෙරුණා. දිනකට දහසක පමණ පිරිසකට හෝප් පිවිසුමෙන් පහසුකම් ලබාගත හැකියි.

මේ අතර විදේශ රැකියා සදහා   යොමුවන මෙරට තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජා ඇල ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. තරුණ තරුණියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රජයේ ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි දැනුවත් කිරීම සිදුකෙරුණේ.

 

 

 

The post විදේශගත ශ්‍රමිකයින්ගේ පහසුව සදහා හෝප් පිවිසුම විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ත්‍රී රෝද රථ හා දේපල සොරකමේ නිරත සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

කලක් පුරා ත්‍රි රෝද රථ හා දේපල සොරකමේ නිරත සහෝදරයින් දෙදෙනෙකු රාගම පොලීසිය අත්අඩංගුවට ගත්තා.

කොළඹ සිට රාගම නගරයට කුලී ගමනක් යන බව පවසමින් මොවුන් දෙදෙනා  ත්‍රි රෝද රථයෙන් පැමිණ රාගම දී එම රථය ගමන් කරන මාර්ගය වෙනස් කරමින් පාලු ස්ථානයකට රැගෙන ගොස් ආයුධ පෙන්වා රියදුරා බියගන්වා තිබෙනවා.

ඒ අනුවයි ත්‍රි රෝද රථය හා එහි තිබූ දෑ කොල්ලකා ඇත්තේ. ඇතැම් අවස්ථාවල දී ත්‍රි රෝද රථයේ රියදුරුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකළ අවස්ථා ද පවතින බවයි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා කියාසිටියේ.

රාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කළ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමග ජීව අත්බෝම්බයක් ද අත්අඩංගුවට ගැණුනා.

 

 

 

 

The post ත්‍රී රෝද රථ හා දේපල සොරකමේ නිරත සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මැයි 9 ජනතා නියෝජිතයින්ගේ නිවාස හා දේපල වලට හානි සිදුකළ තවත් පිරිසක් අත්අඩංගුවට  

0 comments

පසුගිය මැයි 9 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ජනතා නියෝජිතයින්ගේ නිවාස හා දේපල වලට හානි සිදුකළ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට හා දේපලවලට ගිනි තබා හානි සිදුකළ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි නිවසට සහ දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොකරැල්ල පොලිස් වසමේ බෝගහලන්ද හිරියාල ප්‍රදේශයේ පිහිටා තිබූ මන්ත්‍රීවරයාගේ නිවස ද මුලුමනින්ම විනාශ කර තිබුණා. මේ සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනේ මැල්සිරිපුර ප්‍රදේශයේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිණී කෝකිලා හර්ෂනී ගුණවර්ධන මහත්මියගේ නිවසට පහර දී ගිනි තබා හානි සිදුකිරීම හා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුම් කොටස් සොරකම් කිරීම සම්බන්ධව අවශ්‍යකර සිටි සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණා. මීරිගම පොලිසීය මගින් මොවුන් අත්අඩංගුවට ගැණුනේ මීරිගම ප්‍රදේශයේදීයි.

කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ඉදුනිල් කුමාරතුංග මහතාගේ නිවසට පහරදී දේපලවලට හානි සිදුකළ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා. ඒ කිරින්දව ප්‍රදේශයේ දීයි.

මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූෂා දිල්රුක්ෂි මහත්මියගේ නිවසට පහරදී ගිනි තබා අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු ද ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සූරියපාලුව සහ කාන්දලියද්ද පාලුව යන ප්‍රදේශවලදීයි. ඔවුන් ළග තිබී සොරාගන්නා ලද පොලිස් නිල ඇදුම් හා නිල ඇදුම් කොටස් ද පොලීසිය මගින් සොයා ගැණුනා.

 

The post මැයි 9 ජනතා නියෝජිතයින්ගේ නිවාස හා දේපල වලට හානි සිදුකළ තවත් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ  

0 comments

මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මිද්දෙණිය පොලිස් වසමේ සතොස්මාතා ගම ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. මරණකරු යතුරුපැදියකින් ඥාති නිවසකට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලාගොස් තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් හෙලිව නැහැ. මිද්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

 

 

The post මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

නවෝත්පාදන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ජාතික ප්‍රදර්ශනයක්  

0 comments

පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත දේශයක් බිහිකිරීමට නවෝත්පාදන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සදහා ජාතික ප්‍රදර්ශනයක් ලබන 11 සහ 12 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙනුයි එය පැවැත්වෙන්නේ.

 

 

The post නවෝත්පාදන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ජාතික ප්‍රදර්ශනයක් appeared first on ITN News.

Read More »

රුසියානුවන්ට වීසා ලබා දීම පාලනය කිරීමට යුරෝපා සංගමය එකඟ වෙයි  

0 comments

රුසියානුවන්ට වීසා ලබා දීම දැඩි ලෙස පාලනය කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.

යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාව ඇති වී තිබෙනවා. රුසියානුවන්ට යුරෝපයට වීසා ලබා දීම තහනම් කර නොමැති වුව ද වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්රේනය ඇතුළු රටවල් කිහිපයක් රුසියාවට එරෙහිව සම්පූර්ණ වීසා තහනමක් යොදන ලෙසට ඉල්ලා සිටියද ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ඊට විරුද්ධ වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිට මේ දක්වා මිලියනයකට වැඩි රුසියානුවන් පිරිසක් යුරෝපයට පැමිණ තිබෙනවා.

 

The post රුසියානුවන්ට වීසා ලබා දීම පාලනය කිරීමට යුරෝපා සංගමය එකඟ වෙයි appeared first on ITN News.

Read More »

ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප  

0 comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටින එම බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා නිදහස් කර ලෙස ඉල්ලමිනුයි.

මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලින්  ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දියට පැමිණි විට එය නතර කරන ලෙස පොලිසිය දැනුම් දුන්නා.

ඒ සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර ද එල්ලකළා.

මෙහිදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාවරයා නියෝග කළා.

The post ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG