Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උගන්ඩාවේ ඇමතිවරයෙකුට ආරක්ෂකයෙකු වෙඩි තබයි  

0 comments

උගන්ඩා හමුදා සොල්දාදුවෙකු ඔහු විසින් ආරක්ෂාව සැපයූ අමාත්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයායි මෙලෙස කම්පාලා අගනුවර පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ

මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ සොල්දාදුවා අහසට වෙඩි තබමින් අසල්වැසි ප්‍රදේශය පුරා ඇවිද ගිය බවයි.

තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති සොල්දාදුවා ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

The post උගන්ඩාවේ ඇමතිවරයෙකුට ආරක්ෂකයෙකු වෙඩි තබයි appeared first on ITN News.

Read More »

හයිටි රාජ්‍ය තුළ සිවිල් යුද්ධයක් ?  

0 comments

හයිටි රාජ්‍ය තුළ සිවිල් යුද්ධයක් ඇති වීමට ඉතාමත් ආසන්න මට්ටමේ පවතින බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවනවා.

හයිටි රාජ්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය මෙන්ම කැරළිකාර කණ්ඩායම් සිවිල් ජනතාව අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි මට්ටමට පැමිණ ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.

අපරාධ සිදුකරන සන්නද්ධ කණ්ඩායම් හා සිවිල් වැසියන් අතර ගැටුම් හට ගැනීම උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමත් සමග හටගෙන ඇති ආහාර අර්බුද තත්ත්වය තවත් දරුණු අතට පත් කර ඇති බව ද සඳහන්.

සන්නද්ධ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමග ඇතැම් ප්‍රදේශන්හි ජනතාවට පිරිසිදු පානීය ජලය පවා නොමැති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට හෝ පැහැර ගැනීමට ලක්වීමට ඉඩ ඇති බැවින් ඇතැම් ප්‍රදේශන්හි ජනතාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත වීම ද සිදු නොකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post හයිටි රාජ්‍ය තුළ සිවිල් යුද්ධයක් ? appeared first on ITN News.

Read More »

දින 86ක උපවාසයක් අතරතුර මිය ගිය පලස්තීන ජාතිකයා  

0 comments

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ඛාදර් අද්නාන් ඊශ්‍රායල සිර කඳවුරක සිටියදී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින 86ක උපවාසයක් අතරතුර ඔහු මෙලෙස මියගොස් ඇති බවයි පැවසෙන්නේ

ඔහු සිහිසුන්ව සිටියදී සොයා ගත් බවත් රෝහලට ගෙන ගිය නමුත් ඔහුව ජීවත් කරවීම සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වූ බවත් ඊශ්‍රායල බන්ධනාගාර සේවයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඛාදර් අද්නාන් වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කළ බවයි වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ

ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සටන්කාමීන් විසින් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර කිසිවෙකුට හානියක් සිදුව නැහැ

ගාසා තීරයේ පිහිටුවා ඇති ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මීට පෙර අනතුරු අඟවා තිබුණේ ඔහු සිරගෙදරදී මිය ගියහොත් ඒ වෙනුවෙන් දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවන බවයි.

44 හැවිරිදි පලස්තීන ජාතික ඛාදර් අද්නාන් ත්‍රස්තවාදයට අනුබල දීම, ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධවීම සහ උසිගැන්වීම් යන චෝදනා යටතේ රැඳවුම් භාරයේ රඳවා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post දින 86ක උපවාසයක් අතරතුර මිය ගිය පලස්තීන ජාතිකයා appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 108 දෙනෙකුට තුවාල  

0 comments

ප්‍රංශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වු ගැටුමකින් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දහස් ගණන් ජනතාව සහභාගී වු මැයි දින රැළියක දී මෙවර ප්‍රධාන අවධානය යොමු වුයේ එරට නව විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයයි. දින ගණනාවක් පුරා පැවති මෙම විරෝධතා ඊයේ දිනයේ දී වඩාත් උත්සන්න වී තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව ඇති වු ගැටුමෙනුයි පොලිස් නිලධාරීන් තුවාල ලබා ඇත්තේ. විරෝධතාකරුවන් 291 දෙනෙකු අත්අඩංගුවට පත් ව තිබෙනවා.

 

 

 

 

 

The post ප්‍රංශයේ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 108 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

ඉන්දීය රජය අවහිර කළ ජංගම දුරකතන යෙදවුම්  

0 comments

ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ජංගම යෙදුම් දුරකතන 14ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබෙනවා.

එම යෙදුම් අතර Crypviser, Enigma, Safeswiss, Wickrme, Mediafire, Briar, BChat, Nandbox, Conion, IMO, Element, Second line, Zangi, Threema ඇතුළත් වන බව සඳහන්.

මෙම යෙදුම් කාශ්මීරයේ ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන් සහ ගොඩබිම් සේවකයින් (OGW) සමඟ සන්නිවේදනය කිරීමට භාවිතා කරන බව‍යි වාර්තා වී ඇත්තේ.

මීට පෙර ඉන්දියාවේ ආරක්ෂාව, රාජ්‍යයේ ආරක්ෂාව සහ මහජන සාමයට අගතියක්” බවට චෝදනා කරමින් ඉන්දීය රජය විසින් චීන යෙදුම් රැසක් ද තහනම් කර තිබෙනවා.

The post ඉන්දීය රජය අවහිර කළ ජංගම දුරකතන යෙදවුම් appeared first on ITN News.

Read More »

පැරගුවේ රාජ්‍යයේ නව ජනපති  

0 comments

පැරගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් සන්තියාගෝ පෙන්යා ජයග්‍රහණය කර තිබෙනවා.

කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සන්තියාගෝ පෙන්යා 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක මධ්‍ය වාමාංෂික එෆ්‍රයින් ඇලග්‍රේ මැතිවරණ පරාජය පිළිගෙන තිබෙනවා.

එරට පාලක කොළරාඩෝ පක්ෂය හා එක්ව සන්ධානයකින් සන්තියාගෝ පෙන්යා මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුගේ ජයග්‍රහණයත් සමග කෝළරාඩෝ පක්ෂයේ බලය ද යළි තහවුරු වනවා.

එමෙන්ම තායිවානය සමග තිබෙන රාජතාන්ත්‍රික සබදතා නව ජනාධිපතිවරයා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවටයි විශ්ලේෂකයන් මත පළ කරන්නේ.

The post පැරගුවේ රාජ්‍යයේ නව ජනපති appeared first on ITN News.

Read More »

සල්මාන් ට මරණ තර්ජන  

0 comments

බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් ආරක්ෂාව ලබා දීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පාතාල කල්ලියකින් මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති අතර මීට පෙර ද සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි සහ දුරකථන ඇමතුම් ද ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

The post සල්මාන් ට මරණ තර්ජන appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG