Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව ඇමති ප්‍රසන්න කියයි  

0 comments

විධිමත් සැළැස්මක් ඔස්සේ ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව කටුණායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරයකට එක්වෙමින් ඒ මහතා  මෙම අදහස් පළකළා.

 

The post ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව ඇමති ප්‍රසන්න කියයි appeared first on ITN News.

Read More »

ජනාධිපති ගෝඨාභය සහ අගමැති මෝදි ​අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා අද  

0 comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනය අදයි.

ජනාධිපතිතුමා අද දිනයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද ද්වී පාර්ශ්වීය සාකච්ඡාවල නිරතවනු ඇති.

සිය සංචාරය අතරතුරදී ඉන්දීය ප්‍රභූවරුන් රැසක් මුණගැසීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා.

 

The post ජනාධිපති ගෝඨාභය සහ අගමැති මෝදි ​අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා අද appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් අත්හදාබලයි  

0 comments

උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් අත්හදාබලා ඇති බව දකුණු කොරියා හමුදා අංශ පවසනවා.

උතුරු කොරියාව මෙම කෙටිදුර මිසයිල දෙක නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදට එල්ලකර ඇති බවයි දකුණු කොරියා හමුදා අංශ පවසන්නේ.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසන්නේ සාර්ථක පරීක්ෂණයක් සිදුකළ බවත් තමන් ඇතුළු කණ්ඩායම මහත් තෘප්තියක් ලැබූ බවත්.

උතුරු කොරියාව මීට පෙර ද මිසයිල අත්හදා බැලීම් තුනක් සිදුකළා. කෙසේ වෙතත් විදෙස් විචාරකයින් පවසන්නේ ඇමෙරිකාව සමග න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සදහා සිහිපත් කිරීමක් සිදුකරමින් වසර අවසානයේ දී මෙලෙස කෙටිදුර මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලා ඇති බවයි.

The post උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් අත්හදාබලයි appeared first on ITN News.

Read More »

පන් දහසේ ව්‍යාජ නෝට්ටු 124 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්  

0 comments

රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු 124ක් සමඟ අත්අංඩගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් අත්අංඩගුවට ගැනුනේ කුරුණෑගල තෝරයාය ප‍්‍රදේශයේ දි. මොටර් රථයකින් පැමිණි සැකකරුවන් මස් අළෙවි සැලකට මෙම පන් දහසේ නෝට්ටුවක් ලබාදි ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියා ඒ පිළිබද පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කර තිබෙනවා.

අවුරුදු 25 ක් 26ක් වයසැති සැකකරුවන් පොලොන්නරුව සේවාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

The post පන් දහසේ ව්‍යාජ නෝට්ටු 124 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරිමේ නිරතව සිටි දස දෙනෙකු අත්අඩංගුවට  

0 comments

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරිමේ නිරතව සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්නපුර හිඳැල්ලන ප‍්‍රදේශයේ දි. කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රත්නපුර අවට පදිංචිකරුවන් පිරිසක්.

The post බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරිමේ නිරතව සිටි දස දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට  

0 comments

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

උදෑසන සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදු කෙරෙනවා. ඒ අනුව පළමු දුම්රිය අලුයම 5.45ට කොලඹ කොටුවෙන් පිටත්ව ගියා. මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා සිදුවුණේ යාල්දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල අතර දි පීලිපැනීමකට ලක්විම හේතුවෙන්.

මැදිරි පහක් පීලිපැනීමට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. මේ අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. කඩිනම් වාර්තාවක් කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුුව සදහන් කළේ.

The post උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට appeared first on ITN News.

Read More »

බි‍්‍රතාන්‍යයේ පාපන්දු කි‍්‍රඩාංගණයේ අනතුර සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රධානියා චෝදනා වලින් නිදහස්  

0 comments

බි‍්‍රතාන්‍යයේ පාපන්දු කි‍්‍රඩාංගණයකදි සිදුවු අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොලිස් ප‍්‍රධානියා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ෂෙෆිල්ඩ් හි හිල්ස්බෙ‍්‍රා් කි‍්‍රඩාංගණයේදි දැඩි තදබදය හේතුවෙන් 96 දෙනෙකු මියගියා. ඊට මෙහෙයුම් භාරව සිටි පොලිස් ප‍්‍රධානි ඩේවිඩ් ඩක්න්ෆිල්ඩ් වගකිව යුතු බවටයි චෝදනා එල්ල වුණේ.

The post බි‍්‍රතාන්‍යයේ පාපන්දු කි‍්‍රඩාංගණයේ අනතුර සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රධානියා චෝදනා වලින් නිදහස් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG