Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රිමාන්ඩ්  

0 comments

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.

ඒ ලබන මස 13 වනදා දක්වා.කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මියයි නියෝගය කළේ.

The post මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

CCTV සිදුවීමට කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් 4ක් රිමාන්ඩ්  

0 comments

කැළණිය විශ්වවිද්‍යාලයේ සීසීටීවී කැමරා බලහත්කාරයෙන් ගලවා දැමූ බවට අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ මාර්තු තුන්වනදා දක්වා. සැකකරුවන් අද (28) ඉදිරිපත් කළේ මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට.

සැකකරුවන් 12 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමටයි පියවර ගත්තේ.

The post CCTV සිදුවීමට කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් 4ක් රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නැහැ  

0 comments

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඕනෑම රටක අවදානමක් ඇති බවට සිතා කටයුතු කළයුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ. මේ වනවිට ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අසූ දෙදහස් හයසිය අසූ අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව 2814 ක්. ඉන් 2744 ක්ම චීනයෙන් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

The post ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නැහැ appeared first on ITN News.

Read More »

ඩෙංගු පාලනයට වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා ඇරඹෙයි  

0 comments

ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා (02) ආරම්භවනවා.

ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. එහි එක් අදියරක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව යොදා ගනිමින් ඩෙංගු පාලන වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත. ඒ ඕස්ටෙ‍්‍රිලියා රජයේ සහයෙන්.

The post ඩෙංගු පාලනයට වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ශ්‍රි ලංකා රජය සහ ජනතාව දැක්වු සහයෝගය චීන තානාපතිවරයාගේ ඇගයුමට  

0 comments

ශ්‍රී‍්‍ර ලංකා රජය සහ ජනතාව දැක්වූ සහයෝගය ශ්‍රී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන් සුයුවාන් මහතා ඇගයීමට ලක්කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවකදී. ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට එල්ලවූ දුෂ්කරම කාලය තුළ ශ්‍රී‍්‍ර ලංකා රජය සහ ජනතාව දැක්වූ සහයෝගය චීන තානාපතිවරයා මෙම හමුවේදී විශේෂ ඇගයීමට ලක්කළා.

උසස්වීමක් හේතුවෙන් චෙන් සුයුවාන් මහතා මෙම තානාපති තනතුරෙන් ඉවත් වනවා. නව තනතුර යටතේ ශ්‍රී‍්‍ර ලංකාවට අඛණ්ඩව සහය දෙන බවටයි ඔහු ජනාධිපතිතුමා හමුවේ පොරොන්දු වුණේ.

 

The post ශ්‍රි ලංකා රජය සහ ජනතාව දැක්වු සහයෝගය චීන තානාපතිවරයාගේ ඇගයුමට appeared first on ITN News.

Read More »

ස්වර්ණාභාරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත‍්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක්  

0 comments

ස්වර්ණාභාරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත‍්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරු බදු රහිතව රත‍්‍රං ආනයනය කිරීමට අවසරය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත‍්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදිම ආරම්භ කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා ප‍්‍රකාශ කළා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාවේ පැවැති ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ ජාතික සමුළුව අමතමින්.

 

The post ස්වර්ණාභාරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත‍්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

කැළණිවැලි නව දුම්රියමාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට අලුතින් නිවාස හිමිකම් ලබා දීම ඇරඹෙයි  

0 comments

කැළණිවැලි නව දුම්රියමාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට අලුතින් නිවාස හිමිකම් ලබා දීමේ පළමු අදියර ආරම්භ වුණා.

යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවන පවුල් සඳහායි නව නිවාස පිරිනැමෙන්නේ. මේ යටතේ නිවාස සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව 274ක්. ඒ සඳහා නිවාස 354කින් සමන්විත මහල් නිවාස යෝජනා ක්‍රමයක් මිලදීගෙන තිබෙනවා.  පළමු අදියර යටතේ නිවාස 70ක හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කොළඹ දී සිදු කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතයි. එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදි කෙරෙන්නේ ගුවන් මාර්ගයක් ලෙසයි. අඩි 18 ක් උස කුළුණු මතින් දිවෙන මාර්ගය කිලෝමීටර් 22 කින් සමන්විතයි. මෙම දුම්රිය මාර්ගය නිසා අවතැන්වන ජනතාව යළි පදිංචි කිරීම සඳහා අවශ්‍ය සමස්ථ නිවාස සංඛ්‍යාව 1244ක්.

The post කැළණිවැලි නව දුම්රියමාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට අලුතින් නිවාස හිමිකම් ලබා දීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG