Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක  

0 comments

තම ගම්මානයේ ජනතාවට භිතියෙන් තොරව ජීවත්වීමේ පරිසරයක් උදාකරදෙන ඉල්ලා ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ කොටදෙණියාව ගම්මානය භිතියට පත්කළ ආයුධ සන්නද්ධ අල්කයිඩා නම් කණ්ඩායමක විවිධ අපරාධ ක්‍රියා වලට විරෝධය පළකරමින්.

ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ඒ දිවුලපිටිය  මිරිගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වත්තේමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින්. එහිදී විරෝධතාකරුවන් සඳහන් කළේ ගම්මානයම භීතියට පත්කරමින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් ඇතුලු විවිධ අපරාධ ක්‍රියා සිදුකරන බවයි.

විරෝධතාව හේතුවෙන් දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද ඇතිවුණා. පසුව විරෝධතාකරුවන් විසිර ගියේ පොලීසිය පැමිණ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොරොන්දුවීමෙන් අනතුරුවයි. සය හැවිරිදි හා තුන් හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කිරීමට මෙම අල්කයිඩා නමින් හදුන්වන අපරාධ කල්ලිය තැත්කර තිබුණා. මේ හේතුවෙන් මෙම ගම්මානවල ජීවත්වන ජනතාව දිවා කාලයේදී පවා නිවෙස් තුළටවී කල්ගත කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

The post අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක appeared first on ITN News.

Read More »

ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනපති එකඟ වෙයි  

0 comments

ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් එකඟත්වය පළකරනවා.

රුසියාව සමඟ සමුළුවක් පැවැත්වීමට ප්‍රංශය පසුගියදා යෝජනා කළා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර පැය තුනක පමණ කාලයක් පුරා පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි සමුළුව සඳහා එකඟත්වය පළකෙරුණේ. කෙසේ වුවද එම සමුළුව සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා සහභාගි වන්නේ රුසියාව , යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් වැළකුණහොත් පමණක් බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ. මෙම සමුළුව තුළින් යුක්රේන රුසියා අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බවට ප්‍රංශය තම විශ්වාසය පළකරනවා. සමුළුව පැවැත්වෙන දිනය , වේලාව හා කාලය සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.

 

 

 

 

The post ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනපති එකඟ වෙයි appeared first on ITN News.

Read More »

කැරළිකරුවන් ඉලක්ක කර නයිජීරියා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් හත් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නයිජර් රාජ්‍යයේ කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් නයිජීරියා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජර් රාජ්‍යයේ කැරළිකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ. කෙසේ වුවද මෙම ප්‍රහාරය අත්වැරදීමකින් සිදුවූවක් බව නයිජීරියා ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද සඳහන්. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම දරුවන් පිරිස ක්‍රීඩා කරමින් සිටි බවයි විදෙස් සඳහන් කරන්නේ. නයිජර් රාජ්‍යයේ කැරළිකරුවන් මර්දනය කිරීම සඳහා නයිජීරියා හමුදාව හා නයිජර් හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

The post කැරළිකරුවන් ඉලක්ක කර නයිජීරියා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොවපුරා රටවල් 224 කින් කොරෝනා ආසාදිතයින් දහතුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5278ක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී ආසාදිතයින් 170699ක් හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 745ක්. එමෙන්ම ජර්මනියෙන් එක්ලක්ෂ හාරදහසක්, තුර්කියෙන් හැත්තෑ දහසක් හා ප්‍රංශයෙන් පනස් නව දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,906,278ක්.

 

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

තංගල්ලේ කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් 4 දෙනා රිමාන්ඩ්  

0 comments

තංගල්ල,  විතාරන්දෙණිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන මස 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි වාර්තා වන්නේ.

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා. ඔවුන් අතරින් 3 දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. පොලිස් කොස්තාපල්වරයාට , ඔහුගේ බිරිදට සහ ඔහුගේ බාල සහෝදරයාට පහරදීමේ සිද්ධිය වාර්තාවූයේ  ඉකුත් 17වනදායි. එම පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයා මියගිය අතර ඔහුගේ බාල සහෝදරයා බරපතල තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මෙලෙස මියගියේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි කළ චතුරංග දිල්ෂාන් නැමැති 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ පිරිසක් සමග ඇති වු පෞද්ගලික ආරවුලක් මෙම පහරදීම සිදු කර ඇත්තේ. පොලිසිය පවසන්නේ මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුලු සෙසු පිරිස හදුනාගෙන ඇති බවයි. අද දින අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා තංගල්ල – වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර ඉදිකෙරෙමින් තිබූ හෝටලයට සහ සිද්ධියට අදාළ කාන්තාවගේ නිවසට ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. ***බෙලිඅත්ත සහම්පති ප්‍රචාරය වු

 

The post තංගල්ලේ කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් 4 දෙනා රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

යුරෝපයේ දැවැන්තම යුධ ගැටුමට රුසියාව පිඹුරුපත් සකසමින් සිටින බවට බ්‍රිතාන්‍ය අගමැති අනතුරු අඟවයි  

0 comments

1945 වසරෙන් පසු යුරෝපයේ දැවැන්තම යුධ ගැටුමට රුසියාව පිඹුරුපත් සකසමින් සිටින බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අඟවනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට තමාට කිසිඳු අදහසක් නොමැති බව ජනාධිපති ව්ලැඩ්මිර් පුටිං පැවසුව ද එළඹෙන ඕනෑම මොහොතකදී ඔවුන්ට යුද්ධයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. රුසියා යුක්රේන දේශසීමා ආසන්නයට රුසියා යුධ සෙබලුන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් කැඳවා ඇති බව ද ඔහු පවසනවා.

 

 

 

 

 

The post යුරෝපයේ දැවැන්තම යුධ ගැටුමට රුසියාව පිඹුරුපත් සකසමින් සිටින බවට බ්‍රිතාන්‍ය අගමැති අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

කපයිද ? නොකපයිද? හරියට තීන්දුවක් ගන්න බැරි විදුලියේ අර්බුදය  

0 comments

අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. කෙසේ නමුත් පස්වරු දෙකත් හයත් අතර විදුලිය විසන්ධි කිරීමට සිදුවූයේ ජාතික පද්ධතිය ස්ථායී කිරීමට සිදුවූ නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් බලාගාර කිහිපයක්ම අක්‍රිය වූ පසුබිමක ඊයේ දිනයේදී අදියර දෙකකට කාණ්ඩ 4ක් යටතේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන්නා. සපුගස්කන්ද බලාගාරයේ A හා B පර්යන්ත ද දැවි තෙල් නොමැති වීමෙන් ඊයේ පස්වරුවේ අක්‍රිය වුණා. නමුත් අද අලුයම එම පර්යන්තවලට දැවිතෙල්  ලැබීමෙන් අනතුරුව නැවතත් ජනන කටයුතු ආරම්භ වුණා. කෙසේවෙතත් අද දිනයේත් මෙගාවොට් 350ක හිගයක් පවතින බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. නමුත් විදුලි කප්පාදුවක් අද දිනයේ සිදු නොවුනත් පස්වරු දෙකත් හයත් අතර විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවයි මහජන උපයෝගී කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක අප කළ විමසිමකදී කියා සිටියේ. අද දිනයේ වැසි සහිත කාලගුණයක් පැවතීම හේතුවෙන් සූර්ය බලයෙන් විදුලිය ජනනය කිරීම අවම මට්ටමකට පැමිණීම හේතුවෙන් ජාතික පද්ධතිය ස්ථායි කිරීමට මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ නමුත් අද සහ හෙට රාත්‍රි කාලයේදී අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කැළණිතිස්ස, සොජිට්ස්, තුල්හිරිය,  මතුගම සහ කොළොන්නාව යන විදුලි බලාගාර තවමත් පවතින්නේ අක්‍රිය මට්ටමකයි.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ඒ.ජී.ඕ. නිශාන්ත පවසන්නේ සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 44 ක් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිව තිබියදීත් විදුලිබල මණ්ඩලය එය නොකර සිටීම ගැටලු සහගත බවයි.

මේ අතර ඉන්ධන රැගත් නෞකා දෙකක් අද සහ හෙට දිවයිනට ළගා වීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් පමණ ඒවායෙහි අඩංගු බවයි සදහන් වන්නේ.

 

The post කපයිද ? නොකපයිද? හරියට තීන්දුවක් ගන්න බැරි විදුලියේ අර්බුදය appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG