Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක  

Add comments

තම ගම්මානයේ ජනතාවට භිතියෙන් තොරව ජීවත්වීමේ පරිසරයක් උදාකරදෙන ඉල්ලා ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ කොටදෙණියාව ගම්මානය භිතියට පත්කළ ආයුධ සන්නද්ධ අල්කයිඩා නම් කණ්ඩායමක විවිධ අපරාධ ක්‍රියා වලට විරෝධය පළකරමින්.

ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ඒ දිවුලපිටිය  මිරිගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වත්තේමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින්. එහිදී විරෝධතාකරුවන් සඳහන් කළේ ගම්මානයම භීතියට පත්කරමින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් ඇතුලු විවිධ අපරාධ ක්‍රියා සිදුකරන බවයි.

විරෝධතාව හේතුවෙන් දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද ඇතිවුණා. පසුව විරෝධතාකරුවන් විසිර ගියේ පොලීසිය පැමිණ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොරොන්දුවීමෙන් අනතුරුවයි. සය හැවිරිදි හා තුන් හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කිරීමට මෙම අල්කයිඩා නමින් හදුන්වන අපරාධ කල්ලිය තැත්කර තිබුණා. මේ හේතුවෙන් මෙම ගම්මානවල ජීවත්වන ජනතාව දිවා කාලයේදී පවා නිවෙස් තුළටවී කල්ගත කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

The post අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG