Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය  

0 comments

Edward John Markey ඇතුළු ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් 5 දෙනෙකු පසුගියදා චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා 15වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී යළිත් අවධාරණය කළේ, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව විචක්ෂණශීලීව සහ නිසි ලෙස හැසිරිය
යුතු බවයි. එකම චීනය මූලධර්මය උල්ලංඝනය කිරීම නතර කළ යුතු අතර, චීන-ඇමරිකානු සම්බන්ධතාව හා තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමයට තවදුරටත් හානි නොකළ යුතු බව ද හෙතෙම පැවසීය.
එම සංචාරය පිළිබඳව චීන ආරක්ෂක අමත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා ද අදහස් දක්වා තිබේ. චීන මහජන විමුක්ති හමුදාව දැඩි සීරුවෙන් තබා ඇත. චීනය සිය ජාතික ස්වෛරීභාවය සහ භෞමික
අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන අතර, බාහිර මැදිහත්වීම් සහ තායිවාන බෙදුම්වාදී කුමන්ත්‍රණ අධිෂ්ඨානශීලීව පරාජය කරන බව ද ඔහු පෙන්වාදී තිබේ.

The post ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘතිකයින්ගේ ආයතනය ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

The post ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

නොසෙල්වුණු තෙල් මිල  

0 comments

පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයන් සිදුවන බවට මීට පෙර ප්‍රකාශ කෙරුණ ද ඊයේ දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කළා.

සෑම මාසයකම පළමුවනදා සහ 15 වනදා මිල සංශෝධනය කිරීමට රජය තීරණය කළා. ඒ අනුව පසුගිය පළමුවනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙනු අතර අනෙක් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොකිරීමටයි තීරණය කෙරුණේ. එමෙන්ම ඊයේ දිනයේදී ද මිල සංශෝධනයක් සිදුකළ යුතු වුවද ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමටයි රජය තීරණය කළේ. එමෙන්ම එලෙස මිල සංශෝධනයක් නොකිරීම පිළිබද බලශක්ති අමාත්‍යාංශය කිසිදු පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණේ නැහැ. කෙසේ වෙතත් ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල මේ වනවිට පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 88 සත 42 ක් ලෙස සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 93 සත 91 ක් ලෙසයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙදපොලේ මිලට සාපේක්ෂව ඉන්ධන මෙන්ම ගෑස් මිල සූත්‍රයන් ද ක්‍රියාත්මක බවයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ බිදවැටීම හේතුවෙන් විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. අද සිට ලබන 19 වනදා දක්වා එලෙස විදුලිය කපාහැරෙන බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ.

 

 

 

 

The post නොසෙල්වුණු තෙල් මිල appeared first on ITN News.

Read More »

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය  

0 comments

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සදහා වන ජාතික මාර්ගෝපදේශ හා අවම ප්‍රමිතීන් හදුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අනාගත දරුවන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් සැපයීමෙහිලා ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පළාත් මට්ටමින් සකස් කරන ලද මාර්ගෝපදේශන සහ ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කෙරේ. නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශනයක අඩුවක් පැවතිණි. ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම ජාතික මාර්ගෝපදේශය රටපුරා ඇති සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ළමාරක්ෂක ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය වන පරිදි අදාළ විශේෂඥයින්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මෙම ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් සකස් කිරීම සම්බන්ධයෙන් මූලික කෙටුම්පත 2013 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එය ජාත්‍යන්තර මට්ටමේ පවතින අවම ප්‍රමිතීන් පිළිබඳ අධ්‍යයනය කරමින් ආරම්භ කෙරුනු අතර එතැන් සිට මේ දක්වා අදියර ගණනාවක් යටතේ ළමා සංවර්ධනය, නීතිය, සෞඛ්‍යය හා ළමාරක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ කරුණු ඇතුළත් කරමින් මෙම මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් සකස් කර ඇත.

The post ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

විලියම් රූටෝ කෙන්යාවේ නව ජනපති වෙයි  

0 comments

කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස වසර 10 ක් උප ජනාධිපති ධුරය හෙබවූ විලියම් රූටෝ තේරී පත්වුණා.

පසුගිය සතියේ පැවති කෙන්යා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දින කිහිපයකින් ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් රට තුළ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගුනා. ජනාධිපතිවරණය විනිවිදභාවයෙන් තොර බව පවසමිනුයි ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කිරීමට එරට මැතිවරණ කොමිසම පියවර ගත්තේ. කෙසේ වුවද අවසානයේ ප්‍රතිඵල නිවේදනය කරන අවස්ථාවේදී ද ගැටුමක් හටගත්තා. හිටපු අග්‍රාමාත්‍ය රයිලා ඔඩින්ගා පරාජය කරමින් උප ජනාධිපති විලියම් රූටෝ  50.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තා. රයිලා ඔඩින්ගාගේ මැතිවරණ ව්‍යාපාරය දූෂිත බැවින් නිකුත් කළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකීම භාරගත නොහැකි බව කෙන්යා මැතිවරණ කොමිසම සදහන් කරනවා. ජනතාවට අවශ්‍ය නම් ප්‍රතිඵල සම්බන්ධයෙන් අධිකරණය හමුවට යා හැකි බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

 

 

 

 

The post විලියම් රූටෝ කෙන්යාවේ නව ජනපති වෙයි appeared first on ITN News.

Read More »

ඔමික්‍රොන් මර්දන ද්විත්ව එන්නතට අවසර දුන් ප්‍රථම රට  

0 comments

කොරෝනා වයිරසයට එරෙහි ද්විත්ව එන්නත භාවිතය සදහා අවසර ලබාදුන් පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වුණා.

සාමාන්‍ය කොරෝනා වයිරසයට මෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිවයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. මීට පෙර භාවිත කළ එන්නත් ප්‍රතිචාර දැක්වූයේ සාමාන්‍ය කොරෝනා වයිරසයටයි. එළඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නව එන්නත හදුන්වාදීමට බ්‍රිතාන්‍ය පියවර ගත්තා. මිලියන 26 ක පිරිසක් බූස්ටර් එන්නත සදහා සුදුසුකම් ලබා ඇති අතර මෙම වසර අවසාන වනවිට එන්නත් මාත්‍රා මිලියන 13 ක් නිෂ්පාදනය කළ හැකි බවයි මොඩර්නා සමාගම සදහන් කරන්නේ. කෙසේ වුවද බූස්ටර් එන්නත ලෙස ලබාගත හැකි වයිරසයට එරෙහි ඕනෑම එන්නතක් ලබාගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

The post ඔමික්‍රොන් මර්දන ද්විත්ව එන්නතට අවසර දුන් ප්‍රථම රට appeared first on ITN News.

Read More »

සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල දී මෙම සොරකම පිළිබද තොරතුරු හෙලි වුණා. ඒ අනුව ඊට සම්බන්ද තවත් පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. ජා ඇල,  බියගම, කඩවත, කැලණිය, යක්කල, මහ බාගේ,  කොටුව, පෑලියගොඩ, මීගහවත්ත, රාගම සහ වැලිවේරිය යන ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර තිබෙනවා. සොරකම් කරන ලද  ත්‍රිරෝද රථ දෙකක් යතුරු පැදි 10ක් හා පාපැදි 11ක් මෙන්ම වතුර මෝටරයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වැලිවේරිය ගම්පහ සහ බලංගොඩ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කළා.

 

The post සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG