Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවානය අසළ මුහුදේ යුද අභ්‍යාසයක  

0 comments

කලාපීය උණුසුම මධ්‍යයේ චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවානයේ අසළ මුහුදේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙනවා.

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් ඇමෙරිකා සංචාරය සිදු කර සිය රට පැමිණෙන අවස්ථාවේ දී මෙම යුද අභ්‍යාසය සිදු කිරීම විශේෂත්වයක්.

ඒ සඳහා ෂැන්ඩොන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව යොදා ගෙන තිබෙනවා.

ඇමෙරිකා කාතානායක කෙවින් මැක්කාති හමුවීමෙන් පසුවයි තායිවාන ජනාධිපතිනිය යළි පැමිණ තිබුණේ.

අදාළ නෞකාව තායිවානයට කිලෝ මීටර 370ක් ඕබ්බෙන් පිහිටි මුහුදේ ගමන් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු කුවෝචෙන්ග් ප්‍රකාශ කළා.

 

 

 

 

The post චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවානය අසළ මුහුදේ යුද අභ්‍යාසයක appeared first on ITN News.

Read More »

යුක්රේන ජනාධිපති පෝලන්තයට  

0 comments

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි නිල සංචාරයක් සඳහා අසල්වැසි පෝලන්තයට පැමිණ තිබෙනවා.

රුසියාව සමග යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන සරණාගතයින් මිලියනයකට වැඩි පිරිසකට පෝලන්තයේ රැකවරණය හිමි වුණා.

රුසියාව අත්පත්කරගත් ඉඩම් නැවත ලබා ගැනීම සඳහා ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැළසුම් ක්‍රියාත්මක වන අතරතුර යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදු වීමද විශේෂත්වයක්.

The post යුක්රේන ජනාධිපති පෝලන්තයට appeared first on ITN News.

Read More »

ඇපල් සමාගමත් සේවකයින් අඩු කිරීමේ තීරණයක  

0 comments

ලොව පුරා පිහිටා ඇති ඇපල් සමාගමට අයත් වෙළෙදසැල්හි සේවක සංඛ්‍යාව අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් වියදම් පාලනය කිරීම සඳහායි තම සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඇපල් සමාගමද සේවක කප්පාදුවක් සිදු කිරිමට පියවර ගෙන ඇත්තේද ඒ හේතුවෙනුයි.

කෙසේ වෙතත් ඉවත් කරන සේවක සංඛ්‍යාව ඉතා කුඩා අගයක් ගන්නා බව එම සමාගම නිවේදනය කරනවා.

The post ඇපල් සමාගමත් සේවකයින් අඩු කිරීමේ තීරණයක appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ට එරෙහි නඩුවේ තතු  

0 comments

තමාට විරුද්ධව එල්ල වී ඇති සියලු චෝදනාවලට නිවැරදිකරු බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන් හැටන් අධිකරණය ඉදිරියේ කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේයි.

2016 වසරේ ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ තිස් දහසක මුදලක් ලබාදීම ඇතුළු චෝදනා 34 ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

නඩුවට සහභාගීවීම සදහා ඔහු නිව්යෝර්ක් නගරයට පැමිණි අතර මෑන්හැටන් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේ වුවද තමාට එල්ල වන චෝදනා ඇමෙරිකාව, ලෝකයේ ඉදිරියේ හෑල්ලුවට ලක් කිරිමක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කිසිදු සාක්ෂියකින් තොරව එල්ල කර ඇති චෝදනා දේශපාලන වුවමනාවන් මත ගොඩනගා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

2024 වසරේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ලීම සදහා විපක්ෂ කණ්ඩායම් මෙවැනි චෝදනා එල්ල කරන බවයි ඔහු සදහන් කරන්නේ.

නඩු විභාගය අවසන් වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලෝරීඩා බලා පියසර කළ අතර මී ළග නඩු වාරය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

The post ට්‍රම්ප්ට එරෙහි නඩුවේ තතු appeared first on ITN News.

Read More »

සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්වෙලා  

0 comments

ලොව සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

වඳභාවයට ලක්ව සිටින අයට පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සදහා දරුවන් බිහිකිරීමට ලාභදායී මෙන්ම ඵලදායී ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව හා උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට සෑම රටක්ම අවධානය යොමුකළ යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ලෝක ජනගහනයෙන් සියයට 17 දශම 5ක වැඩිහිටි ජනගහනයක් මෙලෙස වදභාවයට ලක්ව සිටිනවා.

එම ප්‍රතිශතය වැඩි ආදායම් රටවල සියයට 17 දශම 8ක් වන අතර අඩු හා මධ්‍යම ආදායම් රටවල සියයට 16.5 ක් වනවා.

කෙසේ වුවද මාස 12ක හෝ ඊට වැඩි කාලයක් දරු පිළිසිදගැනීමක් සිදු නොවුණහොත් අදාළ පිරිමි හෝ කාන්තා පාර්ශ්වය වදභාවයට ලක්ව ඇති බව සැලකෙනවා.

The post සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්වෙලා appeared first on ITN News.

Read More »

නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙස ෆින්ලන්තය අද සාමාජිකත්වය ලබා ගනී  

0 comments

නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙස ෆින්ලන්තය අද එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතයි.

රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ නේටෝ සංවිධානය ෆින්ලන්තයට සාමාජිකත්වය ලබාදීම විශේෂත්වයක්. ලොව විශාලතම හමුදා එකමුතුව ලෙස ද නේටෝ සංවිධානය සැලකෙනවා. ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට ප්‍රතිචාරයක් ලෙස රුසියාව තම දේශසීමාවන්හි ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා  ෆින්ලන්තය සමගම අයදුම් කළ ස්වීඩනයට සාමාජිකත්වය ලබාදීම ඉදිරි කාලයේ දී සිදුවනු ඇති බවයි නේටෝ සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

The post නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙස ෆින්ලන්තය අද සාමාජිකත්වය ලබා ගනී appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් නිව්යෝර්ක් නගරයට පැමිණෙයි  

0 comments

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ කටයුත්තකට සහභාගිවීම සදහා නිව්යෝර්ක් නගරයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීම සදහායි ඔහු මෙලෙස නිව්යෝර්ක් නගරයට පැමිණ ඇත්තේ. 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියකට සිදුකළ ඇමෙරිකා ඩොලර් 130,000ක ගෙවීමක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කිරීමට නියමිතයි.

නඩුව විභාග කිරීමට නියමිත මෑන් හැටන් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ට්‍රම්ප්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු නිවැරදිකරු බවයි හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සදහන් කරන්නේ.

 

 

 

 

The post ට්‍රම්ප් නිව්යෝර්ක් නගරයට පැමිණෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG