අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් මුදල් ලබා ගත් බවට මැති ඇමතිවරුන් 118 දෙනෙකුගේ නම්,බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ කිසිඳු ස්ථානයක සඳහන් නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා දිනමිණ පුවත්පතට සඳහන් කර තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේ මෙසේ මන්ත්රීවරුන් පිරිසක් මුදල් ලබා ගත් බවට කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවයි.
පා.ම. දයාසිරි ජයසේකර,
මෙම නම් ඇතුලත් බව දැක්වෙන බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ සී 350 ලේඛනය ප්රසිද්ධියට පත් කරන ලෙසට ඇතැමුන් ඉල්ලා සිටියේ මේ සමගයි. කෙසේ වුවද එම ලේඛන ප්රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශන සඳහා බාධාවක් ඇති වන්නේ නැති බැවින් එම ලේඛනය ප්රසිද්ධියට පත් කිරීමේ නීතිමය බාධාවක් නැති බව ද නීතිපතිවරයා දිනමිණ පුවත්පතට ප්රකාශ කර තිබෙනවා.
කතානායක කරූ ජයසූරිය සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු යන මහත්වරුන්ට මේ බව දැනුම් දුන් බවද නීතිපති ජයන්ත ජයසූරිය මහතා පුවත්පතට ප්රකාශ කළා. සී 350 ලේඛනය ප්රසිද්ධියට පත් කිරීමේ නීතිමය තත්ත්වය පිළිබඳ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා ද නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබුණා. ඒ අනුවයි ජනාධිපති ලේකම්වරයාට හා කතානායකවරයාට අදාල දැනුම් දීම සිදුකර ඇත්තේ. අවංක මහජන නියෝජිතයන් සියලු දෙනාගේ නිවැරදිභාවය පෙන්වීම සඳහා මෙම තොරතුරු හෙලි කිරීම වැදගත් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
Post a Comment