Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ට ජනපතිගෙන් සහනයක්  

Add comments

ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ලිඛිත දැනුම් දීම් සිදු කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය මංගල සමරවීර මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. සිනමා ටෙලි නාට්‍ය ඇතැලු කලා ක්‍ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුලු කලාකරුවන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී කලාකරුවන් ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර නව බදු ප්‍රතිපත්තියට ද ගැටලුවක් ඇති නොවන අයුරින් සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. සිනමාව,ටෙලිනාට්‍ය ඇතුලු අනෙකුත් කලා ක්‍ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජය සිදු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීරණ ගැනීමට වත්මන් රජය කිසිඳු පැකිලීමකින් තොරව ක්‍රියා කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. සිනමාව, ටෙලි නාට්‍ය මෙන්ම කලා ක්‍ෂේත්‍රයේ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම සඳහා එම ක්‍ෂේත්‍රවල සියලු අංශ නියෝජනය වන පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් මත කමිටුවක් ද පත්කර තිබෙනවා. එහි ප්‍රගතිය ද ජනාධිපතිතුමා මෙහිදී විමසා බැලුවා. මංගල සමරවීර,විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් ද,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG