බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) සිදුකිරීමට නියමිතයි. බස්නාහිර පළාතේ පවත්නා ගුරු පුරප්පාඩු පිරවීම අරමුණු කර ගනිමින් මෙම උපාධිධාරීන් 494 දෙනාට පත්වීම් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී හෙට (7) මෙම කටයුතු සිදු කෙරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
2014, 2016 හා 2017 වසරවල පැවති තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගත් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්රදානය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ තවත් අදියරක් ලෙස මෙම පත්වීම් ලබා දීම සිදු වනවා. 2015 වසරේ සිට මේ දක්වා බස්නාහිර පළාත තුළ දෙදහස් අටසිය විසිදෙදෙනෙකුට ගුරු පත්වීම් ලබාදී තිබෙනවා. දෙමළ මාධ්‍ය උපාධිධාරීන් අට දෙනෙකුද හෙට (7) පත්වීම් ලබන පිරිසට ඇතුළත්.
Post a Comment