
නවීණ තාක්ෂණයේ දියුණුවත් සමග අධ්‍යාපන ක්‍ෂේත්‍රය ද වෙනස්කම් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් වනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නවීන තාක්ෂණයත් සමග සම්බන්ධ කරමින් උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි.
නවීන තාක්ෂණයත් සමග දියුණුවෙන ලෝකය තුළ අධ්‍යාපන ක්‍රමවේදයන් ද යම් යම් වෙනස්කම්වලට ලක්විය යුතුයි. තොරතුරු තාක්ෂණය සහ පරිගණක දැනුම ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපනික දැනුම ඉහළ නැංවීමට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ ඉවහල් වනවා.
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තිබුණා. එහෙත් එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ යළි අවධානය යොමුව තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති සමග පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ඉලක්ක සපුරා ගනිමින් ඉදිරි වසර 10 තුළ නව මාවතකට අවතීර්ණ වීමට සූදානම් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. ඒ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව ක්‍රීඩා පිටිය සහ පිහිණුම් තටාකට සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
Post a Comment