කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරුවන්ද හදුනාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශකළේ. ඊයේ රාත්‍රී 10.15 ට පමණ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කර උප සභාපතිවරයාට වෙඩිතබා ඇති බවයි පරික්ෂණවලින් භෙළිවුණේ. පසුව සැකකරුවන් පළාගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් උප සභාපතිවරයාගේ රියදුරා තුවාල ලබා බොරකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
Post a Comment