Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සිචුවාන් සහ ගන්සු පළාත්වල අධික වැසි හේතුවෙන් දේපළ රැසකට හානි  

Add comments

චීනයේ සිචුවාන් සහ ගන්සු පළාත්වලට බලපා ඇති අධික වැසි හේතුවෙන් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.පසුගිය දින දෙක පුරා මෙම පළාත්වලට වැසි තත්ත්වය බලපා තිබෙනවා. සිචුවාන් පළාතේ ගංගාවක ඉවුරු විනාශවීම හේතුවෙන් ගුන්ගු ආන් නගරයද ජලයෙන් යටව පවතිනවා.

ඒ හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. 1500කට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කළා. ගන්සු පළාතේ කුවින්ෂුයි ප්‍රදේශයේ පිහිටි ගම්මානයකට ප්‍රවේශවීමට ඇති එකම මාර්ගයද ජලයෙන් යටවීම හේතුවෙන් එම ජනතාව සිර වී සිටිනරවා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG