
ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව 2018-2019 උපාධි පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018.07.05 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය සඳහන් කරයි.
ඒ සඳහා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2018.07.07 වැනි දින පෙ.ව. 9.30 සිට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ්‍ය, දේශීය වෛද්‍ය අංශය, 4 වන මහල, 464, ටී.බී. ජයා මාවත, කොළඹ 10 ලිපිනයේ පැවැත්වේ.
තැපැල් ප්‍රමාදය හේතුවෙන් ෆැක්ස් අයදුම්පත් ද සලකා බලන අතර සම්මුඛ පරීක්ෂණය සඳහා මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
ෆැක්ස් අංකය – 0112676383/0112683007
දුරකථන අංක- 0112676095/0112676175/ 0112676344
2018.06.03 දින සිළුමිණ පුවත්පතේ දැන්වීමේ සඳහන් අනෙකුත් කොන්දේසි නොවෙනස්ව පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post a Comment