Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් අක්කර දහස් ගණනක් විනාශ වෙයි  

Add comments

ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝහි කොරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් අක්කර දහස් ගණනක් විනාශ වී තිබෙනවා.දැනට ලැව්ගිනි 416 ක් පමණ විවිධ ස්ථානවලින්   වාර්තා වී ඇති අතර ලැවිගිනි පැතිරයාමෙන්  අක්කර 27,290ක් පමණ විනාශ වී තිබෙනවා.

ලැව්ගිනි පවතින ප්‍රදේශ ආශ්‍රිතව  ජීවත් වන 1500ක් පමණ වන  ජනතාව  ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. තවත් නිවාස 760ක පමණ ජනතාවට අවශ්‍ය වූ විට හැකි ඉක්මනින් නිවාසවලින් ඉවත් වන  ලෙස දැනුම් දී තිබෙනවා. අද දිනයේදීත් අකුණු සහිත කුණාටුවක් ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි ඇමෙරිකා කාලගුණ අංශ පවසන්නේ.ගිනි නිවීම සදහා ගිනි නිවන භටයින් 450 දෙනෙකු පමණ යොදවා තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG