Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදියක් දුම්රිය එන්ජිමක ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

අම්බලන්ගොඩ, උඩුවරාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රිය එන්ජිමක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එන්ජිමකයි යතුරුපැදිය ගැටී තිබෙන්නේ.

උඩුවරාව ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා එමින් සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්වුණා. එම පුද්ගලයා අනතුර සිදුවන අවස්ථාවේ හිස් ආවරණ පැළඳ නොසිටි බව පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ අකුරල දූව ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙක්. මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතියක් සවිකර තිබුණ ද එය නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන බව ප්‍රදේශවාසීන් පවසනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG