Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රූපවාහිනියේ නවයයි පහ විශේෂාංගයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් හේම නලින් කරුණාරත්න මහතා එම වැඩසටහන ඔස්සේ රූපවාහිනියට සගරාමය වැඩසටහන් හඳුන්වා දීමට ද පුරෝගාමී වුණා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භක අවදියේම ඊට එක් වූ ඔහු වැඩසටහන් නිෂ්පාදකයෙකු හා නිවේදකයෙකු ලෙස කටයුතු කරමින් ජනප්‍රිය වැඩසටහන් ජනතාව අතරට ගෙන ඒමට සමත්වුණා. පසුව රූපවාහිනියෙන් ඉවත් වූ ඔහු වෙනත් නාලිකාවල මෙන්ම ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරමින් සිටියා. හෙරිටේජ් ටීවී නමින් නාලිකාවක් පවත්වාගෙන යාමට ද ඔහු කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG