එක්සත් ජාතික පක්ෂයේ මාධ්ය මෙහෙයුම් ඒකකයේ ප්රධානියා ලෙස විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පත් කෙරුණා. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
එක්සත් ජාතික පක්ෂය රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරමින් ජනජීවිත ප්රශස්ත මට්ටමකට ගෙන ඒමත් සංවර්ධන ඉලක්ක හඹා යාමත් අරමුණු කර ගනිමින් දැවැන්ත කාර්යභාරයක නිරත වනවා.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ,
අමාත්ය හරීන් ප්රනාන්දු මහතාට එක්සත් ජාතික පක්ෂයේ මාධ්ය මෙහෙයුම් ඒකකය මෙහෙයවීමේ වගකීමට අදාළ පත්වීම් ලිපිය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා භාර දුන්නා.
උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ හරීන් ප්රනාන්දු මහතා ප්රකාශ කළේ සත්යයේ හඬ අවදි කිරීමට එක්සත් ජාතික පක්ෂය කැපවන බවයි.
අමාත්ය හරීන් ප්රනාන්දු,
Post a Comment