Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම්  

Add comments

නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. දිවයින පුරා පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම අරමුණ කර ගනිමින් නව බඳවා ගැනීම් සිදුකෙරුණේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. එසේ බඳවාගත් පිරිසට පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 2016 වසරේ සැප්තැම්බර් 9 වනදා පැවති ග්‍රාම නිලධාරීන් බදවා ගැනීමේ තරග විභාගයෙන් සමත් වූ 3568 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවා තිබුණා. සම්මුඛ පරීක්ෂණවලින් ලබාගත් ලකුණු විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුවයි වැඩිම ලකුණු ලබාගත් මෙම 1650 දෙනා තෝරාගනු ලැබුවේ.

දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරී වසම් සඳහා නව නිලධාරීන් පත්කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG