Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැසිල්ට එරෙහි දිවි නැගුම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 6 වනදා  

Add comments

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන දෙදහස් නවසිය අනූ එකක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 6 වනදාට කල් තැබුනා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු උපකරණ බෙදාදීම සදහා දිවි නැගුම මුදල් රුපියල් මිලියන 291 ක් සාපරාධී පරිහරණය කළැයි සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැදවනු ලැබුවා.

අධි චෝදනා පහක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. වැඩිදුර සාක්ෂි විභාගය ලබන හයවනදාට කල් තැබූ මහාධිකරණය සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා. මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් පී බී ජයසුන්දර මහතා මීට පෙර මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සිදු කළා. බැසිල් රාජපක්ෂ මහතාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක හා එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් අධිකරණය හමුවේ අද (01) පෙනී සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG