Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොහාන් පීරිස් දිවයිනට  

Add comments

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වූ ජොහාන් පීරිස් අද (01) දිවයිනට පැමිණියා.ඒ මහතා පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළට පිරිසක් පැමිණ සිටියා.

ඔහු එවරස්ට් කදු  මුදුණට ලඟා වූයේ නේපාල වේලාවෙන් පසුගිය මස 22 වැනිදා උදෑසන 5.55ටයි. ජාත්‍යන්තර කඳු නැගීමේ මඟ පෙන්වන්නන් නායකත්වය සපයන කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ජොහාන් පීරිස් මෙවර එවරස්ට් කඳු තරණයට එක්වුණා.

ජයන්ති කුරු උතුම්පාල 2016 වසරේ දී එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකය ලෙස වාර්තාගත වුණා. ඇය සමඟ කඳු මුදුන පෙනෙන තෙක් මානයටම ගමන් කිරීමට එම අවස්ථාවේ දී ජොහාන් පීරිස් සමත් වුවද මීටර 400ක් තිබිය දී ඔක්සිජන් අවසන් වීම හේතුවෙන් ඔහුට එය නිමා කිරීමට හැකි වුයේ නැහැ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG