ඉන්දීය රජයේ ආධාර මත නිවාස පනස්දහසක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එහි තවත් අදියරක් මාතරදී ආරම්භ වුණා.
මාතර, පිටබැද්දර, තැන්නහේන ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජෙනරාල් ප්‍රේම් කේ නායර් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ව්‍යාපෘති දෙක නිවාස 48 කින් සමන්විතයි. එක් නිවසක් වෙනුවෙන් ඉන්දීය රජය වැයකරන මුදල රුපියල් ලක්ෂ 5 ක්. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment