Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානී හා දැව සංස්ථා හිටපු සභාපති යළි බන්ධනාගාරයට  

Add comments

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (26) ඉදිරිපත් කළ අවස්ථාවේයි සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 2ක මුදලක් ලබා ගැනීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි. සිද්ධිය සම්බන්ධ පරික්‍ෂණ අවසන් වී නොතිබීම හේතුවෙන් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG