වවුනියාව ගුඩ්ෂෙඩ් පාර ප්රදේශයේදී බිළිදෙකු පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව ගුඩ්ෂෙඩ් පාර ප්රදේශයේදී පසුගියදා මාස 08 ක බිළිදෙකු පැහැර ගෙන ගොස් තිබුණා. බිළිදා පුදුකුඩිඉරුප්පු ප්රදේශයේ සගවා ගෙන සිටියදී පසුගියදා සොයාගත් අතර සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. මේ පිලිබදව සිදු කළ වැඩිදුර විමර්ශන වලදී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනිමට වවුනියාව කොට්ඨාස නොවිසදුනු අපරාධ ඒකයේ නිළධාරින් ඊයේ (08) සමත් වුණා. පැහැර ගැනිමට යොදාගත් බව කියන වෑන් රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරපත් කිරිමට නියමතයි.
Post a Comment