ඇමරිකා නාවික හමුදා කොන්ත්‍රාත් සමාගමක් චීන සයිබර් ප්‍රහාරයකට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් එෆ්. බී අයි ආයතනය පරික්ෂණ ආරම්භකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුපර්සොනික් මිසයිල ව්‍යාපෘතියකට අදාල සැලසුම් දත්ත ඇතුලු අතිශය සංවේදී තොරතුරු රැසක් සොරාගෙන ඇති බවත්, වොෂිංටන් පෝස්ට් පුවත්පත අනාවරණය කර තිබෙනවා. වරින්වර සයිබර් ප්‍රහාරය එල්ලවූ බවත්, මුලික පරික්ෂණවලින් හෙළිවුණා.
ඇමරිකා ආරක්ෂක අංශ සමග ඒකාබද්ධව කටයුතු කරන කොන්ත්‍රාත් සමාගම සබ්මැරීන සහ ගැඹුරු මුහුදේ යාත්‍රා සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආයතනයක්. ඇමරිකා බුද්ධි නිලධාරියෙකු අතිශය සංවේදී බුද්ධි තොරතුරු රැසක් චීනයට ලබාදී ඇති බවටයි හෙළිවුණේ.
Post a Comment