Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර නාවික අභ්‍යාසය ඇරඹෙයි  

Add comments

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර නාවික අභ්‍යාසය ආරම්භ වී තිබෙනවා. දකුණු කැලිෆෝනියාවේ සහ හවායි දූපත් ආශ්‍රිතව මෙම අභ්‍යාසය පැවැත්වෙනවා.රිම්පැක් 2018 ලෙස නම් කර ඇති මෙම නාවික අභ්‍යාසයට රටවල් 25 ක නාවික යාත්‍රා එක් වනවා.

එම යාත්‍රා මේ වන විට හවායිහි පිහිටි ඇමෙරිකා ඒකාබද්ධ පර්ල් වරායට පැමිණෙමින් තිබෙනවා. නාවික අභ්‍යාසය අද සිට අගෝස්තු දෙවනදා දක්වා පැවැත්වෙනවා. නැව් සහ සබ්මැරීන් 45 ක්, ගුවන් යානා 200 ක් සහ නාවික හමුදා භටයින් විසිපන්දහසක් එම අභ්‍යාසයට සහභාගී වන බවයි වාර්තා වන්නේ. රිම්පැක් 2018 මෙවර පැවැත්වෙන්නේ 26 වන වරටයි. මුහුදු තීරයේ ආරක්ෂාව සහ ලෝක සාගරවල තහවුරු කිරීම සදහා සහයෝගීතාව වර්ධනය කිරීම මෙම අභ්‍යාසය මගින් සිදු කෙරෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG